දෙවරකට දින පහක සංචරණ සීමා

මෙම සිකුරාදා සිට ලබන සිකුරාදා දක්වා කාලය තුළ එක දිනක විරාමයක් සහිතව අවස්ථා දෙකක දී දින පහක් සම්පුර්ණ සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත.

මේ අනුව ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත්, ඊට පසු 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත්, රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් හා විශේෂඥයින් පිරිසක් සමග ඊයේ (17)පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම සංචාරණ සීමා පැනවෙන්නේ වෙසක් සමයේ දී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා යයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *