අමෙරිකාවෙන් ඩොලර් මිලියන හයක හදිසි වෛද්‍ය ආධාර තොගයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6කි. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන…

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි ! “සිදුවන විනාශයට වගකීම ගන්න බෑ”

රසායනික පොහොර භාවිතය හදිසියේ තහනම් කිරීමත්, එනිසා සිදුවන විනාශය ගැන රජයට කළ කරුණු දක්වීම්වලට යහපත් ප්‍රතිචාර නොවීමත් නිසා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම් බී රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන්  ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. ඒ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධුරයේ…

‘‘එතෙර කාබනික පොහොර අපට ඕනේ නෑ‘‘ – පොහොර ආනයන තීරණය රිවස් කිරීම කෘෂිකර්ම ඇමති ” ලංකාදීප” පුවත්පතට කියා ඇති අයුරු !

කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්  නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන…

කාබනික පොහොර රටින් ගෙන්වීමේ තීරණයත් රිවස් වෙයි !

පිටරටින් කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ප්‍රයෝගික නොවන බව සහ කළ නොහැකි බව ආණ්ඩුව තීරණය කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි. එයට ප්‍රධාන වශයෙන්  හේතු වී තිබෙන්නේ රටේ දැනට ක්‍රියාත්මක නීති අනුව එය නීති විරෝධී බව තේරුම් ගොස් තිබීම යි. කෘෂිකර්මයේ ආරක්ෂාවට ඇති එම නීති වෙනස් කිරීම ද කළ නොහැකි බව පැහැදිලි වී ඇතයි  කියති….

කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන 

විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව පිළිබඳ අප වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. මොකද කාබනික පොහොර කියන්නේ දිරා යන සත්ව හා…

අදත් කොචිඩ් මරණ 48 ක් ; ආසාදිතයින් 3398 ක් ; අසාදිත සමස්තය ලක්ෂ දෙක අසල

අද දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් සහ ආසාදිතයින් 3398 ක් හඳුනාගත් බව රජයේ නිල සංඛ්‍යා ලේඛන කියයි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1656 කි. ඉන් 1055ක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 14 දායින් පසු කාලයේ ය. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ දෙකට ආසන්න වී තිබේ. අද…

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවටත් එන්නත් ; ජුනි මාසය තුළ දෙනවාලු

    අමෙරිකාවෙන් තුන්වන ලෝකයේ රටවලට නොමිලේ එන්නත් දීමේ වැඩ සටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කොට ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද නිවේදනය කළේ  ය. මෙම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස එන්නත් මිලියන 25 ක් බෙදා දෙනු ලබන අතර ඉන් මිලියන හතක්  ආසියානු රටවල් 15 ක් අතර බෙදා දීමට නියමිත ය. එම රටවල් අතර…

තවත් කොවිඩ් මරණ 42ක් සහ ආසාදිතයින් 3264 ක් නිල වශයෙන් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 42 ක් සමග අසාදිතයින් 3264 ක් අද දිනය තුළ නිල වශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන අනුව 1608 කි සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 195,811 ක් වශයෙනි.

ඇමති නාමල්ට ඩිජිටල් රාජ්‍ය ඇමති ධුරයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.  

පරීක්ෂණ වාර්තා ප්‍රමාදයෙන් කොවිඩ් පාලනය අවුලක ; වාර්තාව එනවිට නිරෝධායන කාලයත් අවසන් ; මරණ තහවුරු කරගන්න සති දෙකක් !

කොවිඩ් 19 රෝග පරීක්ෂා කිරීම සඳහා කරන පී සී ආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම, වසංගත පාලනයට විශාල ප්‍රශ්නයක් වී ඇති බව සෞඛ්‍ය අංශවල උසස් නිලධාරීහු කියති. රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා ලැබීමට ඇතැම් විට දින දහයකට වැඩි කලක් ගතවන බවත්, ඒ වනවිට රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වීම හෝ ඔහුගේ නිරෝධායන කාලය අවසන්වීම හෝ දෙකෙන් එකක් සිදු වී හමාර…

ජනතාවට එලියට බහින්න තහනම් කළත් සතොස අලෙවිසල් අද සිට විවෘතයි

අත්‍යවශ්‍ය සේවා සඳහා හැර කිසිදු සංචරනයක් නිරෝධායන නීති යටතේ තහනම් කොට ඇතත්, සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කළේ යැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතාගේ උපදෙස් පරිදි සතොස විවෘත කරමින් ජනතාවට සහන සැළසීමට තීරණය කළ බවත් තොග සහ සිල්ලර ලෙස භාණ්ඩ…

කොවිඩ් මරණ තව 39 ක් සමග අලුත් ආසාදිතයින් 3306 ක් වාර්තා වෙයි.

අද කොවිඩ් 19 මරණ 39 ක් සමග යලිත් ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් දිනයේ නව අසාදිත සංඛ්‍යාව 3306ක් ලෙස  වාර්තා වී ය. අද වාර්තා වූ මරණ සමග මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566 ක් බව නිල සංඛ්‍යා ලේඛන සඳහන් කරයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ 192,547 ක්…