අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවටත් එන්නත් ; ජුනි මාසය තුළ දෙනවාලු

 

 

අමෙරිකාවෙන් තුන්වන ලෝකයේ රටවලට නොමිලේ එන්නත් දීමේ වැඩ සටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කොට ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද නිවේදනය කළේ  ය.

මෙම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස එන්නත් මිලියන 25 ක් බෙදා දෙනු ලබන අතර ඉන් මිලියන හතක්  ආසියානු රටවල් 15 ක් අතර බෙදා දීමට නියමිත ය. එම රටවල් අතර ශ්‍රී ලංකාව ද වෙයි.

ශ්‍රී ලංකාවට කොපමණ එන්නත් ප්‍රමාණයක් ලැබෙන්නේ ද යන්න තවමත් ප්‍රකාශයට පත් කොට නැත. කෙසේ වෙතත්, ලැබෙන එන්නත් ප්‍රමාණය ජුනි මස තුළ ලැබෙනු ඇති කියති.

ඉදිරියේ දී තවත් එන්නත් මිලියන 55ක් බෙදා දීමට ඇමෙරිකාව සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙයි. ඒ අනුව ජුනි මස අග වන විට එන්නත් මිලියන 80 ක් ලොවපුරා බෙදා දෙන බව ඇමෙරිකාව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *