ජනතාවට එලියට බහින්න තහනම් කළත් සතොස අලෙවිසල් අද සිට විවෘතයි

අත්‍යවශ්‍ය සේවා සඳහා හැර කිසිදු සංචරනයක් නිරෝධායන නීති යටතේ තහනම් කොට ඇතත්, සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කළේ යැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතාගේ උපදෙස් පරිදි සතොස විවෘත කරමින් ජනතාවට සහන සැළසීමට තීරණය කළ බවත් තොග සහ සිල්ලර ලෙස භාණ්ඩ අළෙවිය කරන බවත් ආනන්ද පීරිස් මහතා කියයි.

බලපත්‍රලාභී ග්‍රාමීය කඩවලට සීමිත තොග ද, අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර වශයෙන් අළෙවි කරන බවත්, රුපියල් දහසේ භාණ්ඩ මලු ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත්, සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය දේශපාලඥායන්ට ජනතාවට බෙදාදීමට අවශ්‍ය රුපියල් දහසේ මලු ලබාදීමට ද සතොස සූදානමින් සිටින බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *