අලියාගෙන් තරග කරන්න එජාප නාමයෝජනා කැදවයි

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මැතිවරණය තරග කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත . පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා කැදවීමට තීරණය කොට ඇති අතර නාම යෝජනා මණ්ඩලයක් ද පත් කොට ඇත . රනිල් වික්‍රමසිංහ , සජිත් ප්‍රේමදාස , අකිල විරාජ් කාරියවසම් , රන්ජිත් මද්දුම බණ්ඩාර , රවී කරුණානායක , කබීර් හෂීම් ,…

සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරති

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (04) පස්වරුවේ පැවැත්විණි. නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. (නිමල කොඩිතුවක්කු) ලංකාදීප

දෙපාර නාන්න එපා. මල්වලට වතුර දාන්න එපා. කාර් හෝදන්න එපා – වාසු

අධික වියළි කාලගුණය නිසා ජල ඉල්ලුම වැඩි වීමෙන් ජල සැපයුම අර්බුදයට ලක්ව ඇති බවත් එහෙයින් ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කරන ලෙස තමන් පාරිභෝගිකයින්ට අනතුරු හඟවන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.  “වියළි කාලගුණ තත්වය තුළ ජල පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ තරමටම අවශ්‍ය ලෙස හදිසියේම ජල සැපයුම වැඩි කරන්නට පුළුවන්කමක් නෑ. ජලය නැතිනිසා නෙවෙයි,…

එජාප අර්බුදය සමථයකට – විසඳුම ගැන රාජිත කියයි

අද දවස තුළ එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය එකඟ වී ඇති බවයි සේනාරත්න මහතා පැවසුවේ.  මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරය සජිත් පාර්ශවයටත් එකඟ…

රවී කරුණානායක ඇතුළු 12 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ. පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර වංචාවට අදාලවයි මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා නිර්දේශ කර තිබෙන්නේ. බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, ​​වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම…

අලියාගෙන් තරග කරනවා, තීන්දුවේ කිසිම වෙනසක් නෑ – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරග කිරීම සඳහා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද (03) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව සියලු පාර්ශ්ව සමග එක්ව අලියා…

එජාපය වෙනුවෙන් අකිල නාමයෝජනා කැඳවීමට සූදානමින්

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරගවැදීමට නාමයෝජනා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.  එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අද (03) දිනයේ සිට නාමයෝජනා කැඳවීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.  මාර්තු 12 වනදා සිට 19 වනදා අතර කාලය තුළ නාමයෝජනා භාරදිය…

අලුත් ගමනට එක්වන්නැයි සජිත්ගෙන් එජාපයේ සැමට ආරාධනා !

රට ගොඩනැංවීම වෙනුවෙන් “සමගි ජන බලවේගය” දියත් කරන අලුත් ගමනට එකතු වන ලෙස එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, සාමාජිකයින් සහ හිතවතුන් ඇතුළු සැමට ආරාධනා කරයි.  “මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ රටේ සියලුම ප්‍රගතිශීලී බලවේගවලට සමගි ජන බලවේගයත් සමඟ එකතු වෙන්න කියලා. එක්සත් ජාතික…

පාර්ලිමේන්තුව විසුරුවා හරී

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද සවස අත්සන් තබා ඇත . එය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව දැනගන්නට තිබේ . මැතිවරණය අප්‍රේල් 25 දා පැවැත්වෙන බව ද දැනගන්නට ඇත .

සජිත් පිලේ අලුත් ලකුණ, දුරකථනය, අභාවයට ගිය ලකුණක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු  සමගි ජාතික බලවේගයේ ඡන්ද ලකුණ ලෙස දැන් යෝජනා වී ඇති දුරකථනය අභාවයට ගිය ලකුණක් ලෙස විරෝධතාවක් මතුව ඇත . මැතිවරණ කොමිසමේ පිළිගත් ඡන්ද ලකුණු අතර ඇති, අතින් අංක කරකවා ඇමතුම් ලබාගන්නා දුරකථන දැන් භාවිතයේ නැත . දැන් බහුලව භාවිතා වන්නේ ජංගම දුරකතනයි .නැතහොත් අංක ඔබන නවීන ස්ථාවර දුරකතන යි ….

විදුලි පුටුවෙන් බේරාගත්තාට මහින්ද අපට පහන් පත්තු කරන්න ඕනෑ – මංගල

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ව විදුලි පුටුවට ගෙනයාමට ජාත්‍යන්තරය උත්සාහ දරන බව මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේදී මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට පැවසූ බවත් ඒ තත්වය වෙනස් කරමින් ඒ මහතාව විදුලි පුටුවෙන් බේරාගත්තේත් 2015 වසරේ බලයත් පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.  “මට මතකයි අපේ ආණ්ඩුව පත් වෙනකොට ලංකාව ලෝකයෙන්…

රටපුරා රෝහල්වල බෙහෙත් නෑ. වියත් මග SPC සභාපති දිනපතා චැනලින් සේවයේ !

පිළිකා, වකුගඩු රෝග, ශ්වසන රෝග, හෘද රෝග ඇතුළු බරපතළ රෝගී තත්වයන්ට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් ඖෂධ වර්ග 310ක හිඟයක් දිවයින පුරා රෝහල්වල පවතිද්දීත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.  මෙම ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා, ඒවා විවෘත කර, ඇගයීම් කටයුතු අවසන්…