අලියාගෙන් තරග කරනවා, තීන්දුවේ කිසිම වෙනසක් නෑ – අකිල විරාජ්
එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරග කිරීම සඳහා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද (03) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව සියලු පාර්ශ්ව සමග එක්ව අලියා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත් සියලු කණ්ඩායම් සමග එක්ව ගමන් කිරීම සඳහා අවසන් මොහොත දක්වා උත්සාහ දරන බවත් ලේකම්වරයා පෙන්වා දෙනවා.
එජාපයේ ඡන්ද ලකුණ වන අලියා වෙනත් කිසිදු පාර්ශ්වයක් හෝ දේශපාලන පක්ෂයක් වෙත ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බවයි කාරියවසම් මහතා පවසන්නේ. එසේම එවැනි ආකාරයෙන් පක්ෂයේ ඡන්ද ලකුණ වෙනත් පක්ෂයකට ලබාදීම ඉදිරියේදී ගැටලු රැසකට හේතුවක් වියහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
UN
LANKANEWSWEB
