සජිත් පිලේ අලුත් ලකුණ, දුරකථනය, අභාවයට ගිය ලකුණක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජාතික බලවේගයේ ඡන්ද ලකුණ ලෙස දැන් යෝජනා වී ඇති දුරකථනය අභාවයට ගිය ලකුණක් ලෙස විරෝධතාවක් මතුව ඇත .
මැතිවරණ කොමිසමේ පිළිගත් ඡන්ද ලකුණු අතර ඇති, අතින් අංක කරකවා ඇමතුම් ලබාගන්නා දුරකථන දැන් භාවිතයේ නැත . දැන් බහුලව භාවිතා වන්නේ ජංගම දුරකතනයි .නැතහොත් අංක ඔබන නවීන ස්ථාවර දුරකතන යි . එම දුරකතන භාවිතයෙන් ද ජනතාව ඈත් වෙමින් සිටිති .
දැන් සිටින තරුණ ජනයා මෙම දුරකථන දැක නැති බවත් , ගම්බද ජනතාව ද මෙය දැක නැති බවත් එයට විරුද්ධ වන්නෝ කියති . ඔවුන් කියන්නේ මෙබදු අලුත් ලකුණක් ජනතාවට හදුන්වා දීම දුෂ්කර බව යි . විශේෂයෙන් ම ගමේ ජනතාවට හා වතුකරයට මෙය හදුන්වා දීම දුෂ්කර බව කියති .
තමන් තරග කරන්නේ දුරකථනයෙන් ද , හංසයාගෙන් ද , අලියාගෙන් ද , යන්න තීරණය කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රෑ රැස්වීමට නියමිත ය.
