කොරෝනා 630 ට නගී

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 484 ක් වේ.  මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති…

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ⁣නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෘතදේහ මතින් තියන්නත් බෑ, සදහටම ඡන්දය කල් දාන්නත් බෑ. අතරමැදි තත්වයක් ඕනෑ – මැ.කො.

මළමිනී හෝ රෝගීන් මතින් ඡන්දයක් පැවැත්විය නොහැකිවා මෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සදහටම ඡන්දය කල්දැමීමට ද නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්වයෙන් පවතින දින 35ක කාලයක්වත් මැතිවරණ කොමිසමට, අපේක්ෂකයින්ට සහ ජනතාවට ලැබිය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  “සාමාන්‍යයෙන් තියෙන සිරස් තලය සහ…

ඊයේ රෝගීන් 31 දෙනා අතරින් 21ක් නාවික හමුදාවේ. 4ක් යුධ හමුදාවේ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

ඊයේ (28) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 31 දෙනා පිළිබඳ විස්තරයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළේය.  “පෙරේදා සහ ඊයේ අතර රෝගීන් අඩුව කියන එක අපි මෙහෙම පැහැදිලි කරගන්න ඕනෙ. ඒ නාවික හමුදාවේ ගැටළුවෙන් තමයි වාර්තා වුණ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවුණේ. දැන් මේ වනවිට එම නාවික හමුදා භටයින් ආසාදිත අය…

අද අලුත් රෝගීන් 23යි; එකතුව 611යි

කොවිඩ් 19 රෝග ආසාදිතයන් 23 ක් අද රාත්‍රී වනවිට අලුතින් හඳුනාගෙන තිබිණි. ඒ අනුව රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 611 දක්වා ඉහල ගියේ ය. කොළඹ 07 හැටේ වත්ත ප්‍රදේශයෙන් ද රෝගීන් කිහිප දෙනකු හඳුනාගත් බව වාර්තා වීය.

වැලිසර කඳවුරේ කොවිඩ් බෝම්බය දරුණුයි; රෝගී 68ක් ගමේ ගිහින් ඇවිදලා !

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවෙස්වලට ගොස් සිටි නාවික සෙබළුන් 68 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතට්‍යන් බව හෙළිදරවු වී තිබීම රෝගය ව්‍යාපත් වීමේ බරපතළ අනතුරකට හේතු වී තිබේ . නාවික සේබලුන් 180කට රෝගය වලදී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. යුධ හමුදාවේ හා ගුවන් හමුදාවේ භටයින් අතරින් ද රෝගීන් හමු වී ඇති බව වාර්තා වෙයි.

මුදල් වංචා කරන්න ඕනෑ නිසා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ – එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ

පැරණි පැවති පාර්ලිමේන්තුව කැඳවීමට අකමැත්ත දක්වන්නේ ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය කීවාය. මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා ගැන රට තුළ නොයෙකුත් මත ඇති බවත් ඇය සඳහන් කළාය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

පරීක්ෂණ තොරතුරු හැංගීමෙන් සෞඛ්‍ය කේෂේත්‍රයේම කැළඹීමක් ඇතිවෙනවා. මේ යන්නේ අනතුරකට – GMOA

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා නොදෙන්නේ නම් මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයටම ප්‍රශ්නයක් වන බවත් දැනට අනතුර පාලනය කරගෙන ඇතත් මෙරට අනතුරක් කරා ගමන් කරමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.  “රෝගීන් වාර්තා වීම වැඩිවෙලා තියෙනවා, පළවෙනි රෝගීන්…

පාර්ලිමේන්තුව කැඳවනු – විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි…

අද අලුතින් රෝගීන් 55යි; එකතුව 588යි

කොවිඩ් 19 ආසදිත රෝගීන් 55ක් අද දිනය තුල අලුතින් සොයාගෙන ඇත . ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 588 දක්වා ඉහල ගියේ ය. අලුතින් හඳුනාගත් රෝගීන් අති බහුතරයකට රෝගය අසාදනය වී ඇත්තේ වැලිසර නාවික  හමුදා කඳවුරේ භටයන්ගෙන් වීම විශේෂත්වයකි.

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 136ක්

ඊයේ (26) දිනය අවසන් වනවිට වාර්තා වී තිබුණු පරිදි කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 136 දෙනෙකු බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  නිවාඩු ගොස් සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින්ට යළි කඳවුරු කරා වාර්තා කරන ලෙස දැනුම් දී ඇති අතර ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධානයට ලක්කිරීම තවදුරටත් සිදු කෙරේ.  LANKANEWSWEB

ඊයේ 63න් 53ක් නාවික හමුදාවේ. වැලිසරින් 16යි පිටින් 37යි. දිස්ත්‍රික්ක 13කින් – හමුදාපති

ඊයේ (26) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 63 දෙනා අතරින් 53 දෙනෙකු නාවික හමුදාවේ සමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  “ඊයේ දවසේ 63 දෙනෙකු ආසාදිතයින් හැටියට සොයාගනු ලැබුවා. එයින් 53 දෙනෙකු නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන්. වැලිසර කඳවුර තුළින් පමණක් 16 දෙනෙකුත් පිට තැන්වලින් 37 දෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානවලින් 5 දෙනෙකුත් තවත් 5 දෙනෙකු…