පරීක්ෂණ තොරතුරු හැංගීමෙන් සෞඛ්‍ය කේෂේත්රයේම කැළඹීමක් ඇතිවෙනවා. මේ යන්නේ අනතුරකට – GMOA
කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා නොදෙන්නේ නම් මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න සෞඛ්‍ය ක්ෂේත්රයේ අයටම ප්‍රශ්නයක් වන බවත් දැනට අනතුර පාලනය කරගෙන ඇතත් මෙරට අනතුරක් කරා ගමන් කරමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
“රෝගීන් වාර්තා වීම වැඩිවෙලා තියෙනවා, පළවෙනි රෝගීන් 100 හම්බුණේ දවස් 56කින්. දෙවැනි රෝගීන් 100 දවස් 17කින්. තුන්වෙනි රෝගීන් 100 දවස් 8කින්. හතරවෙනි රෝගීන් 100 දවස් 4කින්. පස්වෙනි රෝගීන් 100 දවස් 2කින් හමුවෙමින් තියෙනවා. අපට කලින් හබ්මුවෙච්ච කුඩා පොකුරු කණ්ඩායම් දැන් විශාල පොකුරු වශයෙන් වැඩි වෙමින් තියෙනවා. ඒ අතරෙදි අපි පරීක්ෂණ කිරීමේ ධාරිතාවත් වැඩිකරමින් ඉන්නවා. නමුත් යම් ආකාරයට සමාජය කරා මේක ව්‍යාප්ත වීමේ අවදානමකට අපි මුහුණ පාලා ඉන්නවා”

“මේක ගෝලීය වසංගතයක් හැටියට මාර්තු මාසෙ මෙහෙට එනකොටමත් අපට අවදානමක් තිබුණා. ඒ අවදානම තමයි අපි පාලනය කරගත්තේ. හැබැයි අපි දැක්කා මාර්තු 31න් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් පිරිස් මේකෙ තොරතුරු නිවැරදිව ලබා නොදෙන්න, මේ පරීක්ෂණ කිරීමේ ක්‍රමවේද ගැන හරි තොරතුරක් ලබා නොදෙන්න, පරීක්ෂණ කරන ඇල්ගොරිදම් එක – ඒ කියන්නෙ කොහොමද පරීක්ෂණ කරන්නෙ, කාටද පරීක්ෂණ කරන්නෙ, කොච්චර පරීක්ෂණ කරනවද කියන තොරතුරු – නිශ්චිත ආකාරයකට සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස්වලටමත් ලබා නොදීම යම් ආකාරයේ ගැටළුකාරී තත්වයකට පත්වෙලා තියෙනවා”
“අපි අනතුර පාලනය කරලා තිබෙනවා, හැබැයි රට අනතුරක් කරා යමින් තිබෙනවා. ඒ අනතුර තමයි මේ විදියට සමාජ පොකුරු අපි නිශ්චිත වශයෙන් පරීක්ෂණයට ලක් කළේ නැත්නම් පරීක්ෂණ කිරීමේ ධාරිතාවය වැඩි කළේ නැත්නම් පරීක්ෂණ කරන්න නිශ්චිත ක්‍රමවේදයක් නැත්නම් ඒක ගැන කියන්නෙ නැත්නම් මේ කරුණු හංගාගෙන හිඳීමෙන් සිද්ධ වෙන්නෙ සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස් අතර යම් නොසන්සුන්තාවයක් ඇතිවෙනවා මොකක්ද කළ යුත්තේ කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
LANKANEWSWEB
