හරීන්ට එරෙහිව සජිත්, කාවින්ද, විජිතමුණි ප්‍රහාරයේ

අගරදගුරුතුමන් දේශපාලනය කළ බවට හා එය පහත්  ක්‍රියාවක් බවට හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස , කාවින්ද ජයවර්දන සහ විජිත් විජිතමුණි සොයිසා මහත්වරුන් විරෝධය ප්‍රකාශ කොට ඇත. හරින ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට මෙරට කතෝලික ප්‍රජාවගෙන් තමා නැවත නැවත සමාව ඉල්ලන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇත. කාවින්ද ජයවර්දන සහ විජිත් විජයමුණි සොයිසා මහත්වරුන්…

අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා  කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  තරග කිරීමට තම නායකත්වයෙන් යුතු  “අපේ ජන බල පක්ෂයේ  ”  අපේක්ෂකයන්  ඉදිරිපත් කල නාම යෝජනා පත  ප්‍රතික්ෂේප  කිරීමට  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා  ගත් තීරණය  බල රහිත  කරන්නැයි ඉල්ලා  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක්  විසින්  ගොනු…

මෛත්‍රීගේ අරලිය හෝටලයේ භෝජන සංග්‍රහය මැතිවරණ කොමිසමෙන් නවතා දමයි

විශාමික රජයේ සේවකයින් පිරිසක් පොළොන්නරුවේ අරලිය හෝටලයට කැඳවා කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර තිබු සැලසුමක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නවතා දමා ඇත. ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීතිය අනුව වරදක් බව පෙන්වා දෙමින් මැතිවරණ නිලධාරීන් මෙම සංග්‍රහය තහනම් කොට තිබේ. මේ ගැන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙහෙම දෙයක් කවදාවත් වෙලා…

ෆොන්සේකාගේ කතාවට මංගලගෙන් කණ පැලෙන උත්තරයක්!

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා මීරිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදුකළ ප්‍රකාශයකට හිටපු අමාත්‍ය මංගල සමරවීර ඉතාමත් කර්කශ පිළිතුරක් ලබාදී ඇත. මංගල සමරවීර මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම ‘සමගි ජන බලවේගයට’ සැඟවී ආ ආශිර්වාදයක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම රැස්වීම අමතමින් ප්‍රකාශ කර…

ශ්‍රීලනිපයේ අවසානයේ ඇරඹුම : බද්දේගම බලමණ්ඩලය විසුරුවා හැර සියල්ලන්ම පොහොට්ටුවට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන බලමණ්ඩලය විසුරුවා හැරි බවත් තම සාමාජිකයින් සියලු දෙනාම පොහොට්ටුවට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රීලනිප උපලේකම් වරයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසනයේ බලමණ්ඩල තුන විසුරුවා හැරියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක්…

එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව සජිත් පිල ඉල්ලු වාරණය විසිවෙයි

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කළේය. අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටින වාරණය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය…

අගරදගුරුතුමා දේශපාලනය කළයි හරීන්ගෙන් චෝදනාවක්

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පොළොන්නරුව මැදිරිගිරිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (21) පෙරවරුවේ එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක…

එජාපයෙන් ගිය හැමෝටම යළි පක්ෂයට එන්න වෙනවා – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ සැමට යළි පක්ෂයට ඒමට සිදු වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය 1994න් පසු පක්ෂය තුළ විපක්ෂයක් හදනවා. මැතිවරණයක් ළං වෙද්දී හැමදාම මේක වෙනවා. එක් කලක් සිරිකොතටත් ගල් ගැහුවා. හිටපු මහ ලේකම්වරයාගේ වාහනයත් කඩු කළා. මම විශ්වාස කරන දේශපාලනය එය නොවෙයි. යැයි කොළඹ…

සජිත්ගෙන් පාක්ෂිකයන්ට සාමාජික කාඩ් පතක්

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය පක්ෂයෙන් තම පාක්ෂිකයන්ට සාමාජික කාඩ්පතක් නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් මෙම සාමාජික කාඩ්පත නිකුත් කරන බව එම පක්ෂයේ සංවිධායකවරු කියති. මේ දිනවල එම කාඩ්පත නිකුත් කිරීම සඳහා අයදුම්පත් ලබා ගනිමින් සිටිති. මෙම කාඩ්පත ලබා ගැනීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එම…

අපට තියෙන ඡන්ද ටිකත් මංගල හිටියානම් නැතිවෙනවා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්වීම හොඳ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කොට ඇත . සමගි ජන බලවේගයට තියෙන ඡන්ද ටිකත් මංගල සිටියානම් නැතිවන බව ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ඊයේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1950 ට නගී

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1950ක් දකවා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඊයේ අලුතින් හමු වූ රෝගීන් සංඛ්‍යාව තිදෙනෙකි.

මම අලිමංකඩදි හමුදාවේ 2000ක් 3000ක් මැරුවා… මහින්ද මහත්තය මට පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට එන්න කිව්වා…- කරුණා අම්මාන්

මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවට එන ලෙස ආරාධනා කළ බවත් තමන් එක රැයකදී අලිං මංකඩදී හමුදාවේ 2000ක් 3000ක් මැරුවා යැයි එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු සන්නද්ද අංශ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. ඔහු මේ බව පවසන්නේ ඊයේ  (19) අම්පාරේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි. එහිදී ඔහු පවසන්නේ, “මේ පාරත් මහින්ද…