සජිත්ගෙන් පාක්ෂිකයන්ට සාමාජික කාඩ් පතක්
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය පක්ෂයෙන් තම පාක්ෂිකයන්ට සාමාජික කාඩ්පතක් නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් මෙම සාමාජික කාඩ්පත නිකුත් කරන බව එම පක්ෂයේ සංවිධායකවරු කියති.
මේ දිනවල එම කාඩ්පත නිකුත් කිරීම සඳහා අයදුම්පත් ලබා ගනිමින් සිටිති.
මෙම කාඩ්පත ලබා ගැනීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එම පාක්ෂිකත්වය අහෝසි වී ඔවුන් නව පක්ෂයේ සාමාජිකයන් බවට පත්වනු ඇතැයි කියති.
