එජාපයෙන් ගිය හැමෝටම යළි පක්ෂයට එන්න වෙනවා – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ සැමට යළි පක්ෂයට ඒමට සිදු වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය 1994න් පසු පක්ෂය තුළ විපක්ෂයක් හදනවා. මැතිවරණයක් ළං වෙද්දී හැමදාම මේක වෙනවා. එක් කලක් සිරිකොතටත් ගල් ගැහුවා. හිටපු මහ ලේකම්වරයාගේ වාහනයත් කඩු කළා. මම විශ්වාස කරන දේශපාලනය එය නොවෙයි. යැයි කොළඹ පැවැති උත්සවයකට ඊයේ (19) දින එක්වෙමින් මහ ලේකම්වරයා කීවේය.
ඕනෑම පවුලක පියාගේ වචනයට පිටින් ගිහාම මොකක්ද වෙන්නෙ කියලා කියන්න දෙයක් නැහැ. ජනබලවේග හදාගෙන යන අයට යළිත් රුපියල් 20ක මුදලක් ගෙවා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්න වෙනවා. ඒ අයට වෙන අනාගතයක් නෑ. ඔය බලවේග එකක්වත් දිගට දුවන බලවේග නෙමෙයි. ඒ මහතා ප්රකාශ කළේය.
