මෛත්‍රීගේ අරලිය හෝටලයේ භෝජන සංග්‍රහය මැතිවරණ කොමිසමෙන් නවතා දමයි

විශාමික රජයේ සේවකයින් පිරිසක් පොළොන්නරුවේ අරලිය හෝටලයට කැඳවා කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර තිබු සැලසුමක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නවතා දමා ඇත.

ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීතිය අනුව වරදක් බව පෙන්වා දෙමින් මැතිවරණ නිලධාරීන් මෙම සංග්‍රහය තහනම් කොට තිබේ.

මේ ගැන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැති බවයි.

මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධානය කොට තිබු ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද මැතිවරණ කොමිසම විසින් නැවත දමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *