හෙට සිට ජුලි 17 දක්වා පාසල් වසා දමයි

හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය සඳහා වූ සංවිධානය කරන ලද සියළු ප්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ ජාතික සංවිධානය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු සංවිධායකයන්ට මෙම උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව එළඹෙන 13 14 15 තුන් දිනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ සියලුම…

වෙළෙදපළ වෙනස් කිරීමට ව්‍යාජ වම්මුන්ට නොහැකිය – කේ.ජී.පිලිප්ශාන්ත

– ලාංකික දේශපාලන අවකාශය තුළ වම ලෙස හදුන්වන්නේ ධනපති ක්‍රමයට විරුද්ධ දේශපාලන මත දරන්නන් හා එවැනි මත දරන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂයන් ය.  වම යන්න ගොඩනැගුනේ ප්‍රංශ විප්ලවයේ දී ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම ප්‍රංශ ව්‍යවස්ථාදායකයේ වම්පසින් අසුන්ගෙන සිටි බැවිනි. ඒ අනුව වම යනු ප්‍රතිසංස්කරණවාදීන් මිස සමාජවාදීන් විය නොහැක. ලංකාවේ සමාජවාදීන් ලෙස හැසිරෙන බොහෝ කණ්ඩායම්…

කොවිඩ් 19 දැන් 2464 යි

මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2464 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය කියයි. ඒ ඊයේ හමු වූ රෝගීන් 10 දෙනකු ද සමග ය. වැලිකන්ද, ලංකාපුර , හබරාදුව සහ රාජාංගනයෙන් තවත් රෝගීන් පස් දෙනකු ඊයේ හමු වී තිබේ. තවත් පස් දෙනකු හමු වී ඇත්තේ මැද පෙරදිග සිට පැමිණි අය අතරිනි.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි තවම ගැසට් කර නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බව ඔහු අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය. මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය…

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතා ප්‍රශ්න විසඳන්න බෑ -රනිල්

එක්සත් ජාතික පක්ෂය නමැති දේවාලයෙන් ඉවත්ව ගොස් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජන හමුවක් කිරුළපන මංසන්දියේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.  එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය. ඩී.එස් සේනානායක මහතා නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය…

සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2459 දක්වා ඉහළට – රාජාංගනයේ ළමුන් 70 ක් ඇතුළු 300 දෙනෙකු නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි තවත් උපදේශකවරයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියි. අද (11) දිනයේ දී කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර කුවෙට් සිට පැමිණි සිව් දෙනෙකු හා එක්සත් අරාබි එමීර්…

රාජගිරිය රිය අනතුර: පාඨලීට අධි චෝදනා ගොණු කරයි

2016 වසරේදී රාජගිරියේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් තිදෙනෙකුට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබේ.  සාක්ෂි වසන් කිරීම, ව්‍යාජ සාක්ෂි නිර්මාණය ඇතුළු චෝදනා යටතේයි ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබෙන්නේ.  සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වූ අතර…

අධිකරණ පරිශ්‍රය තුළ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව‌ගේ හැසිරීම හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයේදී වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා කරමින්, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා  විසින් කරන ලද බාධාවන්  සහ තර්ජනය කිරීම්  නිදහස් මාධ්‍ය ව්‍යාපාර විසින් තරයේ හෙළා දකියි.   ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් ස්ථනාධිපති, වැලිකඩ බන්ධනාගාර ඝාතන නඩුවේ පළමුවන සැකකරු වන පොලිස් පරික්ෂක නියෝමාල් …

අද අලුතින් කොවිඩ් 19 ආසාදිත 296ක් හඳුනා ගැනෙති

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 296ක් බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2450ක් බව වසංගත රෝග අංශය කියයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන්  ඊයෙත් අදත් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 350 කි.

රාඩා නඩුවෙන් ටිරාන් නිදහස් වෙයි

රාඩා නඩුවෙන් ටිරාන් අලස් මහතා ඇතුළු 4 දෙනෙකුගේ සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද(10)  දිනයේ  නියම කරන ලදි   2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබිණි.  …

බැඳුම්කර ගණුදෙනුවේ වංචාවක් සිදුව නැති නමුත් වරදක් වීමට ඉඩ තිබෙනවා ; මට කිසිම චෝදනාවක් නැහැ – රනිල්

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන් දන්නා ඇතැම් දේවල් හෙළිකළ හොත් ආණ්ඩුවේ ඇතැමුන් තරහ වෙන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය 03 වැනි දින පස්වරුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නිවසේදී හමු වී තිබුණු අතර ඔවුන් නැගූ ඇතැම් ප්‍රශ්න…