රාජගිරිය රිය අනතුර: පාඨලීට අධි චෝදනා ගොණු කරයි

2016 වසරේදී රාජගිරියේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය
පාඨලී චම්පික රණවක මහතාට සහ වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත්
තිදෙනෙකුට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබේ.
සාක්ෂි වසන් කිරීම, ව්‍යාජ සාක්ෂි නිර්මාණය ඇතුළු චෝදනා යටතේයි ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වූ අතර පසුව ඇප මත මුදා හැරුණි.
LANKANEWSWEB
