මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි තවම ගැසට් කර නෑ – මැතිවරණ කොමිසමේ සභාපති
මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බව ඔහු අවධාරණය කර සිටියි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.
මෙම
මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා
දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින්
ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය
යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ
ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ
සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පවසයි.
මැතිවරණ රැළිවල ඊට
සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ
ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන
ලෙස ඔහු ඉල්ලා සිටියි.
