ශීතකරණවල රඳවා තිබු කොවිඩ් මෘතදේහ 31 ක් භූමදනය කොට අවසන්

ඥාතීන්ගේ විරෝධය නිසා ආදාහනය නොකර ශීතාගාරවල රඳවා තිබු කොවිඩ් මෘතදේහ 31 ක් අද වන විට භූමදානය කොට අවසන් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. පසුගිය දින හතරේ දී මෙම  භූමදානය කිරීම් සිදුව තිබේ. පළමු දිනයේ මෘතදේහ නවයක් , දෙවන දිනයේ අටක් , ඊයේ හතක්  සහ අද හතක්  ලෙස මෙම භ්මදානයන්…

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හදන්න ශ්‍රී ලංකාවත් හවුල් වෙයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් ද සහභාගී වී සිටි බව ජිනීවා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි . ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ කණ්ඩායම මුලින් ඉදිරිපත් කළ යෝජනාව සංශෝධනය කිරීම මේ වනවිට සිදුකරමින් පවතින අතර එම සාකච්ඡා සඳහා මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා නුවර ශ්‍රී…

මේ ආණ්ඩුව පත්තර ගහනවා වගේ මුදල් අච්චු ගහනවා. 2021 අන්තිම වෙනකොට තරු පෙනෙයි – රනිල්

වත්මන් ආණ්ඩුව අතිවිශාල වශයෙන් මුදල් අච්චු ගසමින් සිටින නිසා මේ වසරේ අවසානය වනවිට බඩුමිල නොසිතූ විරූ ආකාරයෙන් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.”මේ රජය ආදායම් අඩු කරගත්‍ත නිසා අද රජයට තමන්ගෙ සාමාන්‍ය වැඩකටයුතු සඳහා ඇත්ත වශයෙන්ම ආදායමක් නැහැ. ඒ ආදායමක් නැති නිසා තමයි මුදල් මුද්‍රණය කරන්නෙ. වෙන එකක් තියා…

අදත් කොවිඩ් ආසාදිතයින් 337 ක් අලුතින් ; සමස්තය 85,645 ක් වෙයි

කොවිද19 ආසාදිතයින් 337 දෙනෙකු අද දිනයේ ද අලුතින් වාර්තා වූ බව රජයේ නිල නිවේදන කියයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 85,645 ක් දක්වා ඉහළ ගියේ ය. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 81,430 ක් ලෙස සටහන් වෙයි. මේ අතර යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ව්‍යාප්තිය අඩකින් අඩු…

කොවිඩ් මරණ 500 ඉක්මවයි

මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අද 502 දක්වා ඉහළ ගියේ ය. ඒ අද දිනයේ වාර්තා වූ මරණ පහත් සමග ය. අද දිනයේ මරණ වාර්තා වුයේ පල්ලේකැලේ , නුගේගොඩ,බරවර්ධනඔය ,මාතර සහ කන්නන්තොට ප්‍රදේශවලිනි .  

|

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙන පාරවල් තුනකින් එයි !

ජපානයෙන් වසර හතළිහකින් ගෙවීමට ලබාදෙන  සහන ණය  යටතේ ඉදි කිරීමට සැලසුම් කොට තිබී මෙම රජය විසින් හදිසියේ  අවලංගු කළ මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට වෙනත් මාවත් තුනක් ඔස්සේ සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් අමාත්‍යාංශයශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට තිබේ . මෙලෙස ඉදිකරන සැහැල්ලු දුම්රිය මාර්ග තුන වන්නේ රාගම සිට කොළඹ කොටුව හරහා…

අද අලුත් කොවිඩ් ආසාදිතයින් 360 යි ; එකතුව 85,308 යි

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 360 දෙනෙකු වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85,308 ක් වී තිබේ. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 81,093 ක් වශයෙනි.

අද තවත් කොවිඩ් මරණ හතරයි ; හතර ම කොළඹින් ; එකතුව 497 යි

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිත  මරණ හතරක් වාර්තා වී ඇත. අද දිනයේ වාර්තා වූ මරණ හතර ම කොළඹ අවටින් වාර්තා වී තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ දෙමටගොඩ , කොළඹ 9, කොලොන්නාව සහ බත්තරමුල්ල ප්‍රදේශ වලිනි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 497 ක් වෙයි.

තවත් කොවිඩ් මෘතදේහ අටක් අද භූමදානය කරයි ; දැන් 16 යි

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය තවත් අට දිනෙකුගේ මෘතදේහ අද භූමදානය කොට ඇත. මෙම මෘතදේහ ද භූමදානය කරන ලද්දේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී ය. සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම භූමදානය කිරීම් සිදුකොට තිබේ. මේ වනවිට මෙලෙස භූමදානය කරන ලද කොවිඩ් ආසාදිත මෘතදේහ සංඛ්‍යාව 16 කි. ඒ ඊයේ මිහිදන් කළ මෘතදේහ නවයත් සමග ය.  

මම ෆේල් නෑ , පාස්වෙලා ගොඩක් කල් – ජනාධිපති ගිරිබාවේ දී කියයි

තමන් ෆේල් වී ඇති බව සමහරු කියන නමුත් තමන් ෆේල් නැති බවත් , පාස්වෙලා ගොඩක් කල් බවත් , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල ගිර්බවේ දී ප්‍රකාශ කළේය . කුරුණෑගල ගිර්බවේ වේරගල ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අද මේ බව ප්‍රකාශ කළේ ය. ගිර්බවේ වේරගල දී අද පැවතියේ ගම සමග…

පසුගිය වසර පහේ ම ගෑස් මිල වැඩි කොට නැහැ – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

පසුගිය වසර පහක කාලය තිස්සේ ම ගෑස් මිල වැඩිකොට නැති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත් ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියන්නේ තවදුරටත් ගෑස් මිල වැඩි නොකළ හොත් ගෑස් සමාගම් බංකොලොත් වන බව සමාගම් තමන්ට දැනුම් දී ඇති බව යි. ගෑස් මිල වැඩිකිරීමේ සමාගම්වල ඉල්ලීම ඉදිරි කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ…

කම්කරුවන්ට වරප්‍රසාද  ලැබෙන්නේ නීතිවලින් නොව වෙළෙඳපොළ වර්ධනයෙන් – අධිකරණ ඇමති අලි සබ්‍රි

කම්කරුවන්ට සැබවින් ම වරප්‍රසාද සහ අයිතීන් හිමිවන්නේ නීති පැනවීමෙන් නොව වෙළෙඳ පොළ වර්ධනය කරමින් කම්කරු ශ්‍රමය සඳහා ඉල්ලුම ඉහළ දැමීමෙන් බව අධිකරණ ඇමති එම් යු එම් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ ය. හාම්පුතුන්ට නීති දමා දහ දෙනා  පස් දෙනා  කරනවා වෙනුවට හාම්පුතුන් හා  දෙනෙකුට ඉඩ සලසා ඔවුන් අතර තරගයක් ඇති කළ විට කම්කරු ශ්‍රමය සඳහා…