ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හදන්න ශ්‍රී ලංකාවත් හවුල් වෙයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් ද සහභාගී වී සිටි බව ජිනීවා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි .
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ කණ්ඩායම මුලින් ඉදිරිපත් කළ යෝජනාව සංශෝධනය කිරීම මේ වනවිට සිදුකරමින් පවතින අතර එම සාකච්ඡා සඳහා මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා සහභගී වී සිටි බවත් , ඔහු සහ බටහිර රලවල නියෝජිතයින් අතර වාග් සංග්රාම සිදු වූ බවත් වාර්තා වෙයි.
එම යෝජනාවේ කරුණු වලට ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා දැක වූ විරෝධතා කිහිපයක් ම ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද එම වාර්තා කියයි.
මෙම යෝජනාවේ මුල් කෙටුම්පත සකස් කරන ලද්දේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනි. එයට බ්‍රිතාන්‍යය , ජර්මනිය, කැනඩාව , උතුරු මැසඩෝනියාව , මොන්ටි නීග්‍රෝ , සහ මලාවි යන රටවල් ඇතුළත් වී ය. එම කණ්ඩායම සකස්කළ මුල් යෝජනාව වෙනත් රටවල අදහස් ලබාගෙන සංශෝධනය කිරීම පසුගිය දිනවල සිදු වී ඇත.
එම යෝජනාවට විරුද්ධ යෝජනාවක් ශ්‍රී ලංකාව හෝ වෙනත් රටවල් හෝ ඉදිරිපත් කොට නැත.
ශ්‍රී ලංකාව ප්‍රකාශ කොට ඇත්තේ ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි. එසේ ප්‍රතික්ෂේප කරන බව කියන යෝජනාව සැකසීමට ශ්‍රී ලංකාව ද සහභාගී වීම තුළ මෙරට ප්‍රතිපත්තියේ පරස්පරයක් පෙන්නුම් කරන බව දේශපාලන නිරීක්ශකයො කියති.
