ශීතකරණවල රඳවා තිබු කොවිඩ් මෘතදේහ 31 ක් භූමදනය කොට අවසන්

ඥාතීන්ගේ විරෝධය නිසා ආදාහනය නොකර ශීතාගාරවල රඳවා තිබු කොවිඩ් මෘතදේහ 31 ක් අද වන විට භූමදානය කොට අවසන් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දින හතරේ දී මෙම  භූමදානය කිරීම් සිදුව තිබේ.

පළමු දිනයේ මෘතදේහ නවයක් , දෙවන දිනයේ අටක් , ඊයේ හතක්  සහ අද හතක්  ලෙස මෙම භ්මදානයන් සිදුකොට තිබේ.

මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් භූමියක මෙම භූමදාන කටයුතු සිදුකොට ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *