අදත් කොවිඩ් ආසාදිතයින් 337 ක් අලුතින් ; සමස්තය 85,645 ක් වෙයි

කොවිද19 ආසාදිතයින් 337 දෙනෙකු අද දිනයේ ද අලුතින් වාර්තා වූ බව රජයේ නිල නිවේදන කියයි.
ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 85,645 ක් දක්වා ඉහළ ගියේ ය.
වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 81,430 ක් ලෙස සටහන් වෙයි.
මේ අතර යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ව්‍යාප්තිය අඩකින් අඩු වී ඇති බව යි.
රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට දුන් කාලය අවසන් කරන බවත්, හෙට සිට සේවකයින් සේවා ස්ථානවලට පැමිණිය යුතු බවත් රජය නිවේදනය කොට ඇත.
