අද කොවිඩ් වාර්තා : මරණ 27 යි ; නව ආසාදිතයින් 735 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 27 ක් රජය නිල වශයෙන් තහවුරු කොට තිබේ. ඒ අනුව මෙරටින් වරත වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,399 ක් වෙයි. අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 735 කි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 565,468 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉංදියාවේ විරෝධය හමුවේ චීනය උතුරේ විදුලි ව්‍යාපෘති අතහරියි

චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දුපත්වල…

තවත් කොවිඩ් මරණ 26 ක් ; නව ආසාදිතයින් 744 ක්

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ 26 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,372 කි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතෛයින් ලෙස වාර්තා වන සංඛ්‍යාව 744ක් වෙයි. මෙරටින් මේ වන විට සොයාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 564,733…

රසායනික පොහොර තහනම ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

රසායනික පොහොර තහනම් කරමින් 2021.05.06 දා නිකුත් කොට තිබු රජයේ ඇති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කොට ඇත, එය පසුගිය 24 දා නිකුත් කරන බව රජය ප්‍රකාශ කොට තිබුණ ද , එයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගේ අත්සන නොලැබීම නිසා එය නිකුත් කිරීම ප්‍රමාද වී තිබිණි. ඊයේ නිකුත් කළ ගැසට්…

අද කොවිඩ් වාර්තාව : මරණ 18 යි , නව ආසාදිතයින් 722 යි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි. මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,346 ක් වශයෙනි නව කොවිඩ් ආසාදිතයින් 722 ක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 563,989 ක් ලෙස සටහන් වෙයි.

ජනාධිපති බලයත්, තුනෙන් දෙකත් ජනතාව අපට දුන්නේ මාෆියා ගැන කතා කරමින් ඉන්න නොවෙයි – රාජ්‍ය ඇමති දුමින්ද දිශානායක

ජනාධිපතිගේ අසීමිත බලයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත්, ජනතාව මේ ආණ්ඩුවට ලබා දී තිබෙන්නේ එක එක මාෆියා ගැන කතා කරමින් සිටින්නට නොව ඒවා වෙනස් කරන්නට බව පුනර්ජනනීය බලෂක්ෂි ඇමති දුමින්ද දිශානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. වරද තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් හෝ යම් නීති රීති සම්බන්ධයෙන් හෝ වියහැකි වුවත් ඒ සියල්ල වෙනස් කරගෙන…

අද කොවිඩ් මරණ 23 ක් , නව ආසාදිතයින් 745 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 23 ක් රජය අද දිනයේ නිල වශයෙන් තහවුරු කොට තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,328 ක් වශයෙනි. අද දිනය තුල අලුතිස් සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 745 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ අනුව සටහන් වන්නේ 563,265…

රිවර්ස් කරනා ආණ්ඩුවේ ගැසට් අපට උගන්වන පාඩම් – නිශාන්ත කමලදාස

  කොතරම් ප්‍රවේශමෙන් කළේ වුව ද, ලබා ගත හැකි සියලු දත්ත හා තොරතුරු ද ලබා ගෙන තීන්දුවක් ගත්තේ වුව ද, එවැන්නක් වැරදීමට ඉඩ කඩක් තිබේ. එවැනි නිසි විමසීමකින් තොරව තීරණයක් ගත් විට එවැන්නක් වැරදීමේ ඉඩ කඩ, ඒ නිසා ම, අතිශයින් ඉහළ ය. ඇතැම් අවස්ථාවක ආවේගයන්ගෙන් මෙහෙයවනු ලැබීම නිසා එවැනි විමසීමක අවශ්‍යතාවය පිළිගන්නා, ඒ ගෑන දැනුම්…

පොලිස්පතිට කලින් දින දැන් වූ පසුවත් ටින්කර් ලසන්ත ඝාතනය කළාට නීතිඥ සංගමය මැදිහත් වෙයි

පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිසමට කලින් දිනයේ දැනුම් දී ආරක්ෂාව ඉල්ලා තිබිය දී පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවකු ඝාතනය කිරීම ගැන සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ටින්කර් ලසන්තගේ මරණ පරීක්ෂණයට නීතිඥ සංගමය ලෙස මැදිහත්වීමටත්, මෙබඳු ක්‍රියාවලට එරෙහිව ඉහළ අධිකරණවල මැදිහත්වීම ලබා ගැනීමටත් ක්‍රියා කරන බවත ප්‍රකාශ කරයි. තම සේවා දායකයාගේ ජීවිතයට…

පොහොර තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට මුදල් ඇමති බැසිල් අත්සන් නොකරයි ; නිලධාරීහු විමතියෙන්

රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වහාම අහෝසි කිරීමට පසුගිය සඳුදා රජය ගත්  තීරණය අනුව නව ගැසට් නිවේදනය සකස් කොට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කොට ඇතත්, ඒ මහතා මේ වනතෙක් එයට අත්සන් කොට නැති අතර සිදුවන්නේ කුමක් දැයි නිලධාරීන විමතියට පත්ව සිටින බව දැනගන්නට ඇත. මෙම ගැසට් නිවේදනය ප්‍රමාද වීම ගැන කෘෂිකර්ම…

අද තවත් කොවිඩ් මරණ 27 ක් , නව ආසාදිතයින් 742 ක් වාර්තා වෙයි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 27 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,305 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලුත් කොවිඩ් ආසාදිතයින් 742 ක් ද අද දිනය තුළ හඳුනාගනු ලබා ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 562,520 ක් දක්වා ඉහළ…

පාන් රුපියල් දහයකින් වැඩිවෙයි ; සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළට

පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහයකින් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කොට ඇති අතර සියලු කෙටි කෑම මිල රුපියල් පහකින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කොට ඇත. කොත්තු රොටියක මිල ද රුපියල් දහයකින් ඉහළ යන බවත්, අනෙකුත් ආහාර මිළ ගණන් ද ඒ අනුව වැඩි වනු ඇති බවත්…