පාන් රුපියල් දහයකින් වැඩිවෙයි ; සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළට

පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහයකින් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කොට ඇති අතර සියලු කෙටි කෑම මිල රුපියල් පහකින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කොට ඇත.
කොත්තු රොටියක මිල ද රුපියල් දහයකින් ඉහළ යන බවත්, අනෙකුත් ආහාර මිළ ගණන් ද ඒ අනුව වැඩි වනු ඇති බවත් ආපන ශාලා හිමියන්ගේ සංගමය කියයි.
තිරිඟු පිටි සහ ගෑස් මිල ඉහළ යෑම මෙම මිල වැඩි කිරීමට හේතු වූ බව කියති.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18.50 කින් ඉහළ දමා ඇති බව ද වාර්තා වී තිබේ.
