පොහොර තහනම ඉවත් කළ ගැසට්ටුව නිකුත් නොවේ ; ගොවි ජනයා යළි අමාරුවේ

 

මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමින් පසුගිය මැයි 6 දා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බව රජය ප්‍රකාශ කළ ද මේ දක්වා එම ගැසට් පත්‍රය නිකුත් නොකිරීමත්, පොහොර ගෙන්වීමට පෞද්ගලික අංශයට අවශ්‍ය උපදෙස් තවමත් නොලැබීමත් නිසා පොහොර ලැබෙතැයි විශ්වාසයෙන් වගා කටයුතු ආරම්භ කළ ගොවීන් නැවත වරක් අමාරුවේ වැටී ඇති බව වාර්තා වෙයි.

පොහොර සහ කෘෂි රසායන නොමැති නිසා වගා අත්හැර සිටි බොහෝ ගොවීන් තහනම ඉවත් කළ බව රජය ප්‍රකාශ කිරීමත් සමග වගා කටයුතු ආරම්භ කළ බව වාර්තා වී ය. එම තත්ත්වය රට පුරා ම දක්නට ලැබිණ.

කෙසේ වෙතත්, රජය ගැසට් නිවේදනය ප්‍රමාද කරමින් සහ අවශ්‍ය උපදෙස් නිකුත් නොකරමින් කරන ප්‍රමාදය නිසා මෙම කන්නය සඳහා පොහොර සහ කෘෂි රසායනික නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබේ. වගා ආරම්භ කළ ගොවීන් මේ නිසා බරපතළ අමාරුවක වැටී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *