තිරිඟු පිටි හිගයක් ; බේකරි වැඩ නවතී !

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තිරිඟු පිටිවල විශාල හිගයක් ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල බේකරි වල නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවත්, වාර්තා වෙයි.

රජරට ප්‍රදේශයේ බේකරි රැසක් මෙලෙස නිෂ්පාදන කටයුතු නවතා ඇත්තේ අවශ්‍ය පිටි සොයාගත නොහැකි වීම නිසා ය.

ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් තිබීමත්, නැව් ගාස්තු වැඩිවීම සහ නැව් සොයාගත නොහැකි වීම තිරිඟු පිටි සැපයුමට බලපා ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *