මුද්‍රණාලයක් වී ඇති මහ බැංකුව වසර දෙකට ටි්රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙකක කාලය තුළ රුපියල් ටි්රලියන 3.6 ක මුදලක් ( බිලියන 3600 ක් ) මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා හෙළිදරව් කොට ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී තිබේ.
2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේ දී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.
මෙලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කර වෙළෙඳ පොළට නිකුත් කිරීම මගින් බදු මිල ඉහළ යන බව ආර්ථික විද්‍යාවේ පිළිගැනීම වුව ද මහ බැංකු අධිපතිවරයා කියන්නේ තමන් කරන මෙම මුදල් අච්චු ගැසීමෙන් එසේ සිදු නොවන බව යි.
කෙසේ වෙතත්, වෙළෙඳ පොළේ සියලු භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යමින් පවතියි.

