වෛද්‍ය සංගමයේ ලේකම්ටත් අනුරුද්ධ පාදෙණිය එපාවෙලා ; එලවා දෙන්නැයි මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ඉල්ලලා !

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම් නවීන් සිල්වා මහතා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි .
ඒ මහතා කියන්නේ එම ඉල්ලීම පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සිදු කරන හඬපටයක් තමන් සතුව ඇති බවයි.
සදාචාරාත්මක තත්ත්වය මත හඬ පටයේ තොරතුරු හෙළිදරව් නොකරන නමුත් ඒ ගැන අභියෝග කරන්නේ නම් හෙළිදරව් කිරීමට මැළි නොවන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කියයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩ සිටින නාරාහෙන්පිට අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
