ආණ්ඩුව ගැන ශ්‍රීලනිප තීන්දුවක් ගන්න හදයි ; වෙන ම යන්න සුදානම්

අයවැය තෙවැනි වර ඡන්ද විමසීමේ දී ඡන්දය දෙන ආකාරය ගැන තීරණය කිරීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවා ඇති බව එම පක්ෂයේ ජෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත.
එහි දී ආණ්ඩුව දිගින් දිගට තම පක්ෂයට එල්ල කරන ප්‍රහාර පිළිබඳව ද සැලකිල්ල යොමු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.
වත්මන් ආණ්ඩුව කිසිදු දැක්මක් නැතිව අයාලේ යන බව ද මහාචාර්යවරයා පවසයි.
මේ අතර තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණ වෙනම තරංග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කරමින් සිටින බවයි. ඒ සඳහා පක්ෂයේ ආසන සංවිධායකයින් පත්කිරීමේ සම්මුක සාකච්ඡා මේ දිනවල සිදු කරමින් පවතියි.
