“කිරිපිටි අත්‍යවශ්‍ය නෑ” – මුදල් අමාත්‍යංශයේ තීරණයක් – ආනයනයට විනිමය සීමා කරයි !

කිරිපිටි මෙරටට අත්‍යවශ්‍ය ආහාරයක් නොවන බව තීරණය කොට ඇති මුදල් අමාත්‍යංශය කිරිපිටි ආනයනය සඳහා මුදල් ලබාදීම සීමා කොට ඇති බව ආනයනකරුවෝ කියති. රටපුරා ඇතිව තිබෙන කිරිපිටි හිගයට හේතුව ආනයනය සඳහා විදේශ විනිමය නිකුත් කිරීම සීමා කොට තිබීම බව ඔවුහු කියති. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබ ඇති බවත්, එහි…

ඔමික්‍රෝන් ආසාදනය වුණොත් බලපෑම දවස් 3යි

යම් අයකුට ඔමික්‍රෝන් වයිරසය ආසාදනය වුව හොත් එහි බලපෑම පවතිනුයේ දින 3ක් වැනි කෙටි කාලයක් වන බවත්, ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට වඩා ඔමික්‍රෝන් බලපෑම අඩු බව වාර්තා වන බවත් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා උපුටා දක්වමින් ‘දිනමිණ‘ පුවත්පත වාර්තා කොට ඇත. සන්ධ්‍යා කරුණාරත්න මාධ්‍යවේදිනිය සපයා ඇති එම  වාර්තාවේ මෙසේ සඳහන් වෙයි “ඩෙල්ටා…

තවත් කොවිඩ් මරණ 22 ක් , නව ආසාදිතයින් 744 ක් වාර්තා වෙයි.

රජය ඊයේ දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වනවිට 14,555 ක් ව තිබිණි. නව කොවිඩ් ආසාදිතයින් 744 ක් ද ඊයේ දිනයේ හඳුනාගත් බව වාර්තා කොට තිබිණි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 570,672 ක් වශයෙනි.

අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1000 ක් ඩොලර් නැතිව වරායේ සිරවෙයි

රටට අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට විදේශ විනිමය නිකුත් නොකිරීම නිසා වරායේ සිර වී ඇති බව ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. විදේශ විනිමය නිකුත් කිරීම සීමා කොට තිබීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබේ. නිතිපත ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර සඳහා ප්‍රමාණවත් විනිමය නිකුත් නොවන බවත්, නිකුත් කරන සුළු ප්‍රමාණයෙන් නිදහස් කරගන්නා කන්ටේනර්වලට වැඩි ප්‍රමාණයක්…

කොවිඩ් වැළක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද සිට අහෝසියි

කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද සිට අහෝසි වන බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව එම මධ්‍යස්ථානය මගින් කළ වසංගත පාලන මෙහෙටුම් කටයුතු සෞඛ්‍ය සේවා අංශ වෙත පැවරෙනු ඇත. කොවිඩ් ජාතික මධ්‍යස්ථානයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස අලුතින් පිහිටුවන ලද හරිත…

අතේ සංචිත නැතත් රෝල ගහන්න පුළුවන් බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ අවම මට්ටමට පිරිහී ඇතත්, රටට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඩොලර් සපයාගත හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. දැනට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් නිකුත් කොට ඇති බවත්, ඉදිරියේ දී ද අවශ්‍ය මුදල් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් ඒ මහතා කියයි. ඉදිරි කාලයේ…

දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහි රනිල්ගේ පෙත්සම විභාගයට

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම  තමාට එරෙහිව  සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේ ය. ඒ සඳහා ජනවාරි මස 28 වනදා පෙත්සම කැඳවන ලෙස ද අභියාචනාධිකරණය නියම කළේය. නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න…

කොවිඩ් මරණ 28 ක් නව ආසාදිතයින් 757 ක් අද වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 28 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,533 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 757 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව සටහන් වන්නේ 569,928 ක් වශයෙනි

අද කොවිඩ් වාර්තා : මරණ 21 යි, නව ආසාදිතයින් 748 යි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 21 ක් රජය අද දිනයේ වාර්තා කොට ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 14,505 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 748 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 569,171…

ආධාර දෙන්න පෙර පොරොන්දු ඉටු කරන්න ඉන්දියාවෙන් කාල සටහනක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය සහ ආධාර ලබා දීමේ දී ඉන්දියාවේ ඉල්ලීම් පිළිබඳව දෙන පොරොන්දු ඉටු කිරීම සඳහා දෙපාර්ශවයට එකඟ විය හැකි නිශ්චිත කාල සටහනක් අවශ්‍ය බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරය අවසානයේ මෙම ඉල්ලීමට දෙපාර්ශවය එකඟ වී තිබේ. ඒ අනුව, චීන…

රනිල් අගමැති කරන කතාවේ සත්‍යතාවයක් නැහැ – සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන බවට පැතිරෙන ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නැති බව කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ ය. එබඳු කිසිදු සාකච්ඡාවක් හෝ සිදු වී නැති බවත්, මෙය නව පුවතක් නිර්මාණය කිරීමක් බවත්, ඇමතිවරයා කී ය. ජනවාරි මාසය තුළ අගමැතිධුරයේ වෙනසක් සිදුවනු ඇති බවටත් , විදේශ…

ආර්ථිකය විනාශ කරන හැටි රාජ්‍ය ඇමති සේමසිංහ උජාරුවෙන් කියයි ; තවත් ලක්ෂයක් රාජ්‍ය සේවයට

මේ වනවිටත් පමණට වඩා විශාල වී ආර්ථිකයට මහ බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් ලක්ෂයක් දෙනා බඳවා ගැනීමට රජය  කටයුතු කරමින් සිටින බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, එහෙත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් මෙලෙස…