රනිල් අගමැති කරන කතාවේ සත්‍යතාවයක් නැහැ – සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන බවට පැතිරෙන ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නැති බව කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ ය.

එබඳු කිසිදු සාකච්ඡාවක් හෝ සිදු වී නැති බවත්, මෙය නව පුවතක් නිර්මාණය කිරීමක් බවත්, ඇමතිවරයා කී ය.

ජනවාරි මාසය තුළ අගමැතිධුරයේ වෙනසක් සිදුවනු ඇති බවටත් , විදේශ සම්බන්ධතා යහපත් කරගැනීම සහ ජාත්‍යන්තර ආධාර ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබාදෙන බවටත් පැතිර යන ප්‍රවෘත්තියේ සත්‍යතාවය පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලබා ගැනීමට ජනාධිපතිතුමා සහ එජාපය අතර සාකච්ඡා සිදුවන බවටත්, එයට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ද සහය ලැබී ඇති බවත් පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වී ය.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය ද නිල වශයෙන් මෙම පුවත තහවුරු කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *