කොවිඩ් වැළක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද සිට අහෝසියි

කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද සිට අහෝසි වන බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව එම මධ්‍යස්ථානය මගින් කළ වසංගත පාලන මෙහෙටුම් කටයුතු සෞඛ්‍ය සේවා අංශ වෙත පැවරෙනු ඇත.

කොවිඩ් ජාතික මධ්‍යස්ථානයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස අලුතින් පිහිටුවන ලද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු සඳහා අනුයුක්ත කොට තිබේ.

ඒ අනුව 2020 මාර්තු 16 දා පිහිටුවන ලද කොවිඩ් 19 වසංගතය වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද සිට අහෝසි වෙයි.

මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වුයේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *