ඩීසල් නැවක් ඇවිත් ; තවත් නැවක් අද එයි

  ශ්‍රී ලංකාව බලාපොරොත්තුව සිටි ඩීසල් නැවක් මේ වනවිට මෙරටට පැමිණ ඇති බවත්, තවත් නැවක් අද දිනයේ පැමිණෙන බවත් වාර්තා වෙයි. ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (16) අලුයම ළඟා වූ බවත් එහි පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකශ කරයි. තව ඩීසල්…

කැබිනට් මණ්ඩලය හෝටලයක රැස් වී තෙල් නැව් වලට ගෙවීම් අනුමත කරති

  වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු කැබිනට රැස්වීම කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි කුඩා හෝටලයක දී පැවැත්  වූ බවත්, ඉන්ධන නැව් සහ  වෙනත් මිල දී ගැනීම්  සඳහා මුදල් ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය තීරණ රැසක් එහි දී ගත් බව වාර්තා වෙයි. මෙම ගෙවීම් කඩිනමින් අනුමත කර දීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ද  ඉල්ලීම් කර තිබිණි…

ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් – සෝභිත හිමියෝ අනතුරු අඟවති

  අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. අරගලයේ තරුණ තරුණියන් මෙන්ම සිවිල් වැසියන් හැම දෙනාම මේ කාරණාව සම්බන්ධයෙන්…

නිල පොහොට්ටුවේ සහය රනිල්ට

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කළ බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සර්ව පාක්ෂික එකඟත්වයකට ඉඩ දී අපේක්ෂකයකු ඉදිරිපත් නොකර සිටීම පක්ෂයේ මුල් තීරණය වුවත්, පක්ෂයේ තීරණයට එරෙහිව එක් මන්ත්‍රීවරයකු තම අපේක්ෂකත්වය…

ඩලස් ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කරයි

ජනාධිපතිවරයකු තොරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීමේ දී තමන් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද නිල වශයෙන් නිවේදනය කළේය. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සියලු දෙනාගේ සහය දිනාගත හැකි නයකතිවයක් බවත් තමන්ට එම හැකියාව ඇති බවත් අලහප්පෙරුම මහතාගේ නිවේදනයේ සඳහන් ය,

අරගලයේ නාමයෙන් මාධ්‍ය ආයතනවලට අණ දීම වැරදි පූර්වාදර්ශයකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  අරගලකරුවන් ලෙස තමන් හඳුන්වාදුන් පිරිසක් 14 වැනිදා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම පිළිබඳව නියෝග පැනවීම හා සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිළිබඳව දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියාකලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරයි. මාධ්‍ය අන්තර්ගගතය තීරණය කිරීම ඒඒ මාධ්‍යවල සංකාරක මණ්ඩය සතු අයිතියක් වන…

රනිල් ‘‘අතිගරු” ගලවයි ; ජනපති කොඩියත් අහෝසියි ; 19 ගේන්නත් පදනම දමයි

  ජනාධිපති වරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව ද පැවසූ ජනාධිපතිවරයා…

‘‘පොහොට්ටුව ජනපති – අගමැති දෙකම ගන්න හදනවා‘‘ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

  ජනතා අභිලාෂයන්වලට පයින් ගසා පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කර රට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(15)පැවසීය. ත්‍රෛනිකායික මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයින්ගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ හා එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතා අභිලාෂයන් ජයගැනීමට සමගි ජන බලවේගයේ කටයුතු කළත් ආණ්ඩුව එයට…

’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

  ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය. ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. එහිදී ජාත්‍යන්තර…

සර්ව පාක්ෂික අගමැති ගැන එකඟත්වයක් නැහැ

  සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අගමැති තනතුරට අපේක්ෂකයකු අද ඉදිරිපත් කරන බව විපක්ෂය කලින් ප්‍රකාශ කළ ද , පක්ෂ අතර එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම නිසා අද කිසිදු නමක් ඉදිරිපත් කරනු නොලැබී ය. අගමැති තනතුර ප්‍රධාන විපක්ෂය වන තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව සමගි ජන බලවේගය ඉල්ලා සිටි අතර එයට පක්ෂ…

රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි

  රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි නිල වශයෙන් දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම අද දහවල්  සිදු කෙරිණි. ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.  

ඩීසල් නැව් තුනක් , පෙට්‍රල් නැවක් අනිද්දා එයි

  ඩීසල් රැගත් ඉන්ධන නෞකා 03 ක්, අනිද්දා (17) දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. පෙට්‍රල් රැගත් නැවක් ද පැමිණීමට නියමිතව ඇත. මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු ඩීසල් නෞකා දෙකක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව සංස්ථාව නිවේදනය කොට ඇත. මේ වනවිට…