සර්ව පාක්ෂික අගමැති ගැන එකඟත්වයක් නැහැ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අගමැති තනතුරට අපේක්ෂකයකු අද ඉදිරිපත් කරන බව විපක්ෂය කලින් ප්‍රකාශ කළ ද , පක්ෂ අතර එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම නිසා අද කිසිදු නමක් ඉදිරිපත් කරනු නොලැබී ය.
අගමැති තනතුර ප්‍රධාන විපක්ෂය වන තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව සමගි ජන බලවේගය ඉල්ලා සිටි අතර එයට පක්ෂ කිහිපයක සහය ලැබී තිබේ.
විපක්ෂයට එක් වූ පක්ෂ දහයේ කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ ගණනාවක් එම අදහස ප්‍රතික්ෂේප කොට ඇත.
මෙම තත්ත්වය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැති තනතුරට මෙම අවස්ථාවේ නාම යෝජනා නොදීමට සහ ජනාධිපතිවරයා පත්කර ගැනීමෙන් පසුව අගමැති ගැන නැවත සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.
