කැබිනට් මණ්ඩලය හෝටලයක රැස් වී තෙල් නැව් වලට ගෙවීම් අනුමත කරති

 

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු කැබිනට රැස්වීම කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි කුඩා හෝටලයක දී පැවැත්  වූ බවත්, ඉන්ධන නැව් සහ  වෙනත් මිල දී ගැනීම්  සඳහා මුදල් ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය තීරණ රැසක් එහි දී ගත් බව වාර්තා වෙයි.

මෙම ගෙවීම් කඩිනමින් අනුමත කර දීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ද  ඉල්ලීම් කර තිබිණි

කැබිනට් මණ්ඩලයට රැස්විය හැකි ස්ථාන සියල්ල කැරලිකරුවන් අල්ලාගෙන තිබු අතර ඒවා භාරදීමෙන් පසු පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින නිසා මෙලෙස කැබිනට් මණ්ඩලය හෝටලයක දී රැස් වූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මෙරටට ලැබෙමින් පවතින තෙල් නැව් සඳහා ගෙවීම් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය තීරණ රැසක් එහි දී ගෙන ඇති බව කියති.

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ සේවා පවත්වාගෙන යාමට තිබු බාධක මේ අනුව මගහැරෙනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *