ඩීසල් නැව් තුනක් , පෙට්‍රල් නැවක් අනිද්දා එයි

ඩීසල් රැගත් ඉන්ධන නෞකා 03 ක්, අනිද්දා (17) දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. පෙට්‍රල් රැගත් නැවක් ද පැමිණීමට නියමිතව ඇත.
මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු ඩීසල් නෞකා දෙකක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව සංස්ථාව නිවේදනය කොට ඇත.
මේ වනවිට එම ඩීසල් නෞකා අතරින් දෙකකට සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති අතර, ඉතිරි නෞකාව සඳහා ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා.
එසේම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක්ද අනිද්දා දිවයිනට ළඟා වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
