නිල පොහොට්ටුවේ සහය රනිල්ට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කළ බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික එකඟත්වයකට ඉඩ දී අපේක්ෂකයකු ඉදිරිපත් නොකර සිටීම පක්ෂයේ මුල් තීරණය වුවත්, පක්ෂයේ තීරණයට එරෙහිව එක් මන්ත්‍රීවරයකු තම අපේක්ෂකත්වය ප්‍රකාශ කළ නිසා මෙම තීරණය ගත බව එම නිවේදනයේ සඳහන් ය.

පාර්ලිමේන්තුවේ සම්මුතිය අනුව පක්ෂ්ග්‍රහී නොවී වැඩ කිරීමට වැඩිම හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එම පක්ෂය කියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිනතභාවය , දක්ෂතාවය, සහ සම්බන්ධතා මෙන් ම නීතිය සහ සාමය ස්ථාපිත කිර්රීමේ දී ඒ මහතා දැක වූ සාර්ථකත්වය ද තම තීරණය සඳහා හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *