රෑ දහයෙන් පසු සල්ලි වියදම් කරන තැන් කොළඹ සැදිය යුතුයි – සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ

  සංචාරකයන්ට රෑ දහයෙන් පසු මුදල් වියදම් කළ හැකි තැන කොළඹ නගරයේ සකස් කළ යුතු බව සංචාරක නව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේය. රාත්‍රි දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් කිසිම දෙයක් නැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනීය වැඩි දුරටත් සඳහන් කරයි. ඒ වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නැති…

මහ කන්නය සාර් ථක කරගැනීම අර් බුදයෙන් ගොඩ යන්න පියවරක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට මාවතක් වන බවත්, ඊළඟ යල කන්නය ද සාර්ථක කර ගතහොත් රටේ නිෂ්පාදනය තවත් ඉහළ යන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. ආහාර සුරක්ෂිතත වැඩ සටහන ඊයේ ආරම්භ කරමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. දෙශීය වශයෙන් විවිධ වගාවන් සඳහා ලබාගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක ද…

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධානම රටවල් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමග මෙරට මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි. මෙහි අරමුණ වී ඇත්තේ මෙම රටවල් සමඟ එකඟතාවයකට පැමිණීම බව සඳහන් ය. වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය…

අයි එම් එෆ් වාර් තාව සජිත්ට සහ හර් ෂට දෙන්න ආණ්ඩුව ක්‍රමයක් හදයි !

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම තමන්ට ලබා දිය යුතු බව කියූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ආචාර් ය හර්ෂ ද සිල්වා මහතාට එය ලබා දීමට ආණ්ඩුව ක්‍රමයක් සකස් කොට ඇති බව වාර් තා වෙයි. කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කොට ඇත්තේ එම වාර්තාව කැබිනට් මණ්ඩලයට , විපක්ෂ නායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මුදල්…

පොහොට්ටුවෙන් තව කැබිනට ඇමතිවරුන් 12 ක් පත්කරන කතාව බොරුවක් !

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් ඇමතිවරුන් 12 දෙනෙකු මේ සතියේ පත් කරන්නට යන බවට, එසේ පත්වන බව කියන අයගේ නම් සහිතව පසුගියදා ඇතැම් මාධ්‍යවල පළකර තිබු පුවත සම්පුර්ණ අසත්‍යයක් බව රජයට සම්බන්ධ ආරංචි ර්මාග කියයි. එම ආරංචි මාර් ග  කියන්නේ කැබිනට් මණ්ඩලය පත් නොකර සිටින්නේ සර් ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් එන පිරිසට අවස්ථාව දීම…

 මැතිවරණ ක්‍රමය සංශෝධනයට පක්ෂ එකඟ නොවුණොත් ජනමත විචරණයක් – ජනාධිපති රනිල්

   මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද…

ආර් ථික අපරාධකාරයින් පස් දෙනෙක් එජා වාර්තාවෙන් හෙළිකරලා – මහාචාර් ය චරිත හේරත් හෙළිකරයි

  මේ රටේ ආර් ථිකය බිඳ වැට්ටවීම හිතා මතා කළ අපරාධයක් බව කියමින් එයට වග කිව යුතු තැනැත්තන් පස් දෙනෙකුගේ නම් එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් හෙළිදරව් කොට ඇති බව මහචාර් ය චරිත හේරත් මහතා කියයි. එම වග කිව යුත්තන් නම් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මහචාර් ය ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල සහ හිටපු මුදල් ඇමති…

විපක්ෂයෙන් දහයක් කැබිනට් මණ්ඩලයට !

  ඉදිරියේ දී පිහිටුවනු ලබන සර් ව පාක්ෂික හෝ බහු පාක්ෂික හෝ ආණ්ඩුවක කැබිනට මණ්ඩලය තුළ කැබිනට ඇමති ධුර දහයක් පමණ දැනට විපක්ෂයේ සිටින පක්ෂවල ප්‍රබලයින් සඳහා වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කොට ඇති බව ආණ්ඩුවට සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග කියයි. එලෙස වෙන් කරන ඇමති තනතුරු අතරින් කිහිපයක් සමගි ජන බලවේගය සඳහා…

විදේශ ප්‍රේෂණ ලැබීමත් ඉහළට

  විදේශගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ පසුගිය අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 325.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර් තා පෙන්නුම් කරයි. ඒ අනුව මෙම වසර තුළ විදේශ ප්‍රේෂණ ලැබීම ඩොලර් මිලියන 2,214 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදේශ ප්‍රේෂණ විශාල ලෙස පහත වැටීම පසුගිය කාලයේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට ප්‍රබල හේතුවක් වී…

|

අද සැප්තැම්බර් 9 : බැසිල් ගෙදර යයි !

  අද, සැප්තැම්බර් 9 දා උදැසන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත. අද උදේ ඩුබායි බල පිටත් වූ ගුවන් යානයකින් ඩුබායි බලා ගිය ඒ මහතා එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකාව බලා යාමට නියමිත ය. අප්‍රේල් 9 දා ගෝටා ගෝ ගම අරගලය ආරම්භ වූ අතර මැයි 9 දා අගමැති මහින්ද රාජපක්ෂ…

වැටී තිබු ව්‍යාපාරික විශ්වාසය දර්ශකයේ වේගවත් ඉහළයාමක්

  එල් එම් ඩී ව්‍යාපාරික සඟරාවෙන් සමීක්ෂණය කොට සකස් කරනු ලබන LMD නීල්සන් ව්‍යාපාරික විශ්වාස දර්ශකයේ වේගවත් ඉහළ යාමක් අගෝස්තු මාසයේ දී වාර් තා වී ඇත. පසුගිය ජුනි, ජුලි මාස දෙකෙහි 49 දක්වා පහත වැටී තිබු එහි අගය අගෝස්තු මාසයේ 81 දක්වා ඒකක 32 කින් ඉහළ ගොස් තිබේ. රට ස්ථාවර වීම සහ ඉන්ධන පෝලිම් අඩුවීම…

රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනිත් චින්තක වැඩ බාර ගනියි

  රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (8) පෙරවරුවේ එම ධූරයේ වැඩ භාරගත්තේය. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කරුණාරත්න මහතා ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයකු ලෙසද සේවය කළේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන්…