රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනිත් චින්තක වැඩ බාර ගනියි

රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (8) පෙරවරුවේ එම ධූරයේ වැඩ භාරගත්තේය.
ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කරුණාරත්න මහතා ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයකු ලෙසද සේවය කළේය.
ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඩයනා උදයංගනී)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ලංකාදීප
