ආර් ථික අපරාධකාරයින් පස් දෙනෙක් එජා වාර්තාවෙන් හෙළිකරලා – මහාචාර් ය චරිත හේරත් හෙළිකරයි

 

මේ රටේ ආර් ථිකය බිඳ වැට්ටවීම හිතා මතා කළ අපරාධයක් බව කියමින් එයට වග කිව යුතු තැනැත්තන් පස් දෙනෙකුගේ නම් එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් හෙළිදරව් කොට ඇති බව මහචාර් ය චරිත හේරත් මහතා කියයි. එම වග කිව යුත්තන් නම් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මහචාර් ය ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්වරුන් ය.

නිදහස ජාතික සභාවේ මන්ත්‍රී කණ්ඩායම මහනුවර විද්වත් වෘතිකයින් හමු වී පැවති සාකච්චාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ කතා කළ ආචාර් ය නාලක ගොඩහේවා මහතා කීවේ තම ආණ්ඩුව බලයට එන විටත් ගෙවන්නට ඇති ණය ගැන හොඳින් දැන සිටි නමුත් එම ප්‍රශ්නයට මුහුණ දීමට කිසිවකු කිසිවක් නොකළ බව යි.

තමන් හැදු සැලසුම්වල වරදක් නැති බවත්, නමුත් වෙනත් පිරිසක් බලය අතට ගෙන විනාශයක් සිදුකළ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *