විපක්ෂයෙන් දහයක් කැබිනට් මණ්ඩලයට !

 

ඉදිරියේ දී පිහිටුවනු ලබන සර් ව පාක්ෂික හෝ බහු පාක්ෂික හෝ ආණ්ඩුවක කැබිනට මණ්ඩලය තුළ කැබිනට ඇමති ධුර දහයක් පමණ දැනට විපක්ෂයේ සිටින පක්ෂවල ප්‍රබලයින් සඳහා වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කොට ඇති බව ආණ්ඩුවට සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග කියයි.

එලෙස වෙන් කරන ඇමති තනතුරු අතරින් කිහිපයක් සමගි ජන බලවේගය සඳහා වෙන්කර ඇති අතර, ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක, නව ලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම, ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජීවන් තොන්ඩමන් මහත්වරුන්ට ද කැබිනට් ඇමති ධුර හිමිවන බව කියති.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කැබිනට් නොවන ඇමති ධුර හිමිවනු ඇතැයි ද විශ්වාස කෙරෙයි.

එකසත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට ඇමති ධුරයක් ලබා දීම ද එම අවස්ථාවේ දී සිදුවනු ඇතැයි කියති.

සර් ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමේ උත්සාහය සඳහා කැබිනට මණ්ඩලය පත් කිරීම කල් දැමීමට ජනාධිපතිතුමා තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *