දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

    දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින්…

පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ

  අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි…

|

ඩොලරය රුපියල් 317 ට බසී

  රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද උදෑසන ඇමෙරිකානු ඩොලරය රුපියල් 317.10/40 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි. අවසන් ගනුදෙනු දිනය වූ බදාදා සවස එය හුවමාරු වුයේ රුපියල් 318.10/40 අගයකට  ය. මාසයකට වැඩි කලක් තිස්සේ රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා මගින් පෙන්නුම් කරයි.

|

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය

  තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබී ඇත්තේ එයට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ අමාත්‍යංශයේ ද අනුමැතිය ලැබීමෙන් පසුව ය. මෙම ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලද්දේ 2018.01 16 දින කැබිනට් මණ්ඩලයේ සම්මත වූ…

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි. අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා,…

පිටරට සැඟවූ හොර සල්ලි ගේන්න නව නීතියක් එයි

    වංචනික ක්‍රම මගින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන  මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව නීති සඳහා පනතක් තමා ඇතුළු කමිටුවක් මගින් දැන් කෙටුම්පත් කරමින් සිටින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි. රජය විසින් පත්කරනු ලැබ ඇති මෙම කෙටුම්පත් කමිටුව ශ්‍රේෂ්ටාධිකරණ විනුසුරු…

 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත සංශෝධන සහිතව සම්මතයි

 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී  42 ක වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 108 ක්ද විපක්ෂව ඡන්ද 62 ලැබිණි. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය. පනත පිළිබඳ විවාදය අද (24) දෙවැනි දිනටත්…

|

රුපියල තව ටිකක් ඉහළට

  ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 318.10/40 ක් ලෙස රුපියලේ හුවමාරු අගය අද තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාර්තා වෙයි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314 ක් ආසන්නයේ ද, විකුණුම් මිල රුපියල් 324 ආසන්නයේ ද පැවතිනි. රටේ විදේශ විනිමය ඉපයීම් ඉහළ යෑම නිසා රුපියල මෙලෙස ශක්තිමත් වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මාලිමා ආණ්ඩුවත් ණය ගණ්නවා.. බදු ඉහල දානවා.. IMF යනවා.. ණය ප‍්‍රතිව්‍යුහගත කරනවා..- හරිනි

  ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලුව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙයි. විදේශ ආයෝජන ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද පවසන ඇය එහිදී…

ඔන්ලයින් පනතට එකඟ වූ සංශෝධන පසුව ගෙනෙනවා – ඇමති ටිරාන් අලස්

    ඔන්ලයින් ආරක්ෂක පනතට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන සමග සාකච්ඡා කොට එකඟ වූ යෝජනා කැබිනට අනුමැතියට ඉදිරිපත් කොට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අද එම පනත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය. පනත ගැන ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් ලැබී තිබීම සහ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම සංශෝධන…

ඔන්ලයින් ආරක්ෂණ පනත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33 කින් සම්මතයි

  ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව අද හදිසියේ  තීරණය කළ අතර එහි දී පනත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33 කින් සම්මත වී ය. එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය. ඒ අනුව එම…

පාර්ලිමේන්තුව ගැන බොරු කිව්වයි ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුව හමුවට !

      පාර්ලිමේන්තුවෙන් කෝටි හතක හිග විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායක වරයාගෙන් ඉල්ලීමක් කළේ ය. මෙම අසත්‍ය ප්‍රකාශය නිසා මුළු පාර්ලිමේන්තුවම…