පාර්ලිමේන්තුව ගැන බොරු කිව්වයි ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුව හමුවට !

 

 

 

පාර්ලිමේන්තුවෙන් කෝටි හතක හිග විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායක වරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

මෙම අසත්‍ය ප්‍රකාශය නිසා මුළු පාර්ලිමේන්තුවම අපහාසයට ලක් වී ඇති බව ඇමතිවරයා පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සොයා බැලූ බවත්, පාර්ලිමේන්තුවේ විදුලි බිල නිතිපතා ගෙවා ඇති බවත්, ජනාධිපති කාර්යාලය සම්බන්ධයෙන් ද තත්ත්වය එය බවත්, ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *