|

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය

 

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබී ඇත්තේ එයට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ අමාත්‍යංශයේ ද අනුමැතිය ලැබීමෙන් පසුව ය.

මෙම ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලද්දේ 2018.01 16 දින කැබිනට් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවක් අනුව ය. ඉන් පසු අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ගිවිසුම දෙපාර්ශවය විසින් අනුමත කොට තිබේ.

ගිවිසුම අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැතිවරයා ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කොට තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *