ඔන්ලයින් පනතට එකඟ වූ සංශෝධන පසුව ගෙනෙනවා – ඇමති ටිරාන් අලස්

ඔන්ලයින් ආරක්ෂක පනතට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන සමග සාකච්ඡා කොට එකඟ වූ යෝජනා කැබිනට අනුමැතියට ඉදිරිපත් කොට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අද එම පනත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.
පනත ගැන ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් ලැබී තිබීම සහ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම සංශෝධන මෙම අවස්ථාවේ ඉදිරිපත් කළ නොහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. නීතිපතිවරයා එම උපදෙස් ලබා දී තිබේ.
විවිධ පාර්ශව සමග කළ සකච්ඡාවල ප්‍රතිඵල ලෙස සකස් කළ සංශෝධන පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවට ද ඉදිරිපත් කළ නමුත්, එහි දී ද තීරණය වී ඇත්තේ මේ අවස්ථාවේ සංශෝධන ඇතුලත් කළ නොහැකි බව යි.
සංශෝධන නොමැතිව පනත සම්මත නොකරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිය ද රජයේ ස්ථාවරය වූයේ ශ්‍රේෂ්ටාධිකරණයෙන් අනුමැතිය දී ඇති ආකාරයට පනත සම්මත කොට සංශෝධන පසුව ඉදිරිපත් කිරීමට ය.
සංශෝධන සකස් කළේ සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් නිසා ඒවාට එරෙහිව කිසිවකු අධිකරණය හමුවට නොයනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
