සමගි ජන බලවේගයෙන් කුඩා පක්ෂ දොට්ට දමයි ; ඔවුන්ට අලුත් සන්ධානයක් !
|

සමගි ජන බලවේගයෙන් කුඩා පක්ෂ දොට්ට දමයි ; ඔවුන්ට අලුත් සන්ධානයක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලවේගයෙන් එහි කුඩා පක්ෂ ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සියලු පක්ෂවල සන්ධානයක් ලෙස ආරම්භ කළ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබේ. දැන් සජබ ය පක්ෂයක් නිසා වෙනත් පක්ෂවලට එහි සාමාජිකත්වය දැරිය නොහැකි වී තිබේ. ඒ අනුව…

|

මහර වෙඩි පහරින් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනයට එරෙහිව පෙත්සමක් ; අපරාධයේ සාක්ෂි රකින්න ඉල්ලති

මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කොවිඩ් රෝගීන් 9 දෙන ඇතුළු එකොලොස් දෙනාගෙන් කිසිවකුගේ සිරුරු ආදාහනය නොකරන ලෙසත් , මෙම මිනිස් ඝාතන පිලිබඳ අනාගත පරීක්ෂණ සඳහා එම සිරුර සුරක්ෂිතව තැබීමට නියෝග කරන ලෙසත් ඉල්ලා පෙත්සමක් වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කොට තිබේ. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කිරීමේ නීතියට අනුව මෙම සිරුරු ආදාහනය…

කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්
|

කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්

කොවිඩ් 19 නිසා විපතට පත් කුඩා ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 165 ක මුදලක් රජයට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටියි. මෙම සහන ණය  මුදල ලබාදීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ ආසියානු සනවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික  නියෝජිත චෙන් චෙන් මහත්වරුන් අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුවීය. කොවිඩ් 19…

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය හෙට උදෑසන සිට හුදෙකලාවෙන් ඉවතට – හමුදාපති
|

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය හෙට උදෑසන සිට හුදෙකලාවෙන් ඉවතට – හමුදාපති

හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ සහ දිගටම හුදෙකලා භාවය පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.”දැනට කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම හුදෙකලාවට ලක් කරලා තියෙන ප්‍රදේශ අතරින් ප්‍රදේශ 4ක් විශේෂයෙන්ම බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය කියන පොලිස් වසම් හතරේ හුදෙකලා භාවයන් ඉවත් වෙනවා. ඒ වුණත් මේ වනවිටත්…

|

කොළඹ කොරෝනා පාලනය ෆේල් – වෛද්‍ය ජයරුවන් බන්ඩාර

කොළඹ නගර සීමාව තුළ කොරෝනා පැතිරීම පාලනය කරගත නොහැකි තරමට බරපතල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර පවසයි. ඊයේ (12) නිකුත් වූ රජයේ නිළ වාර්තා අනුව කොළඹ නගරසභා සීමාව තුළ අහඹු ලෙස සිදුකල PCR පරික්ෂණවලින් 05%ක ප්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් එම සංඛ්‍යාලේඛන අනුව කොළඹ නගර සීමා බල ප්‍රදේශය අතිශය…

බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි
|

බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි

කොවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ආර්ථික පසු බැස්මෙන් අපහසුතාවයට පත්ව සිටින බැංකු සහ මුල්‍ය ආයතන ණයකරුවන්ට ලබා දී තිබු මාස හයක සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත. ඒ අනුව බැංකු ණය සහ පොලිය අය කර ගැනීම තවදුරටත් අත්හිටුවා  ඇත. එම ණය සහන කාලය ලබන  වසරේ…

ඇඳිරි නීතිය ඉවතට : අගුළු දැමීම , සංචරණ සීමා තදින් ; නිරෝධායනය නිවෙස් වල ; සඳුදා සිට නව සැලැස්මක්
|

ඇඳිරි නීතිය ඉවතට : අගුළු දැමීම , සංචරණ සීමා තදින් ; නිරෝධායනය නිවෙස් වල ; සඳුදා සිට නව සැලැස්මක්

  ලබන සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බවත් , ආසාදිතයන් හමුවන ප්‍රදේශ අගුළු දැමීමත්, සංචරණ සීමා පැනවීමත් තදින් ක්‍රියාත්මක කරන බවත් රජයේ ආරංචි මාර්ග කියයි , ඇඳිරි නීතිය සඳුදා  සිට ඉවත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. කොවිඩ් මර්ධනය අධීක්ෂණය සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති…

|

ඩයනාට එරෙහිව සජබයෙන් විනය පරීක්ෂණයක් !

තම පක්ෂයේ තීරණයට එරෙහිව 20 වැනි සංශෝධනයට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි. පක්ෂයේ විනයට එරෙහිව කටයුතු කිරීම නිසා අය පක්ෂයෙන් නෙරපා හරිය හැකි බවත් , එසේ වුවහොත් මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකි බවත් එම ආරංචි මාර්ග කියති. කෙසේ වෙතත් 20 ට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර නොගෙන…

කොවිඩ් පොකුර 2014 ට නගී ; අදට 115 ක් ; රටපුරා රෝගීන් !
|

කොවිඩ් පොකුර 2014 ට නගී ; අදට 115 ක් ; රටපුරා රෝගීන් !

මිනුවන්ගඩ් බ්‍රෑන්ඩ්රික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් පොකුර මේ වනවිට රටපුරා ව්‍යාප්තවෙමින් රෝගීන් 2014ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ හමු වූ රහීන් සංඛ්‍යාව මේ වනවිට 115 දක්වා ඉහළ ගොස් ඇත. දිවයිනෙන් හමු වූ ආසාදිතයින් ගේ සම්පුර්ණ සංඛ්‍යාව 5466 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

|

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් , ශල්‍යාගාරයක් වසයි

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක්  වසා දමා ඇති බව සෞඛ්‍යය  ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. එම රෝහලේ සේවකයන් තිදෙනකුට කොවිඩ් 19 වැළඳී  ඇතැයි තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. රෝහලේ සෙසු සේවකයන් සහ රෝගීන් ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකොට තිබේ. පානදුර රෝහලේ සේවිකාවකට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීම නිසා…

|

මිනුවන්ගොඩ කම්හලට කිසිදු විදේශිකයකු ආවේ නැහැ – බ්රෑන්ඩ්රික්ස් සමාගම

මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවට පසුගිය කාලයේ කිසිදු විදේශිකයකු නොපැමිණි බව බ්‍රෑන්ඩ්රික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඉන්දියාවෙන් තම කම්හලට කිසිවක් නොගේන්වූ බවත් , ඉන්දියානු සමාගමේ සිට සැප්තැම්බර් 22 දා මෙරටට පැමිණි සේවකයන් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් ගතකොට නිවෙස් වල තවත් දින 14 ක් නිරෝධායනයට යොමුකළ බව සමාගම කියයි. ඔවුන් කිසිවකු මිනුවන්ගොඩ කම්හල වෙත නොපැමිණි බව සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි. 

ජනාධිපති තග දමයි ; ඇමතිවරු 20න් කර අරිති !
|

ජනාධිපති තග දමයි ; ඇමතිවරු 20න් කර අරිති !

තමන්ට ජනවරම ලැබී ඇත්තේ බාධාවකින් තොරව කටයුතු කිරීමට බවත් , 20 වන සංශෝධනය ගැන සම්පුර්ණ වගකීම තමන් භාරගනනා බවත් , ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ කිසිදු සංශෝධනයක් කළ නොහැකි බව කියමින් ලබන සතියේ ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ඇමති මණ්ඩලයට තර්ජනාත්මක ලෙස පැවසු බව වාර්තා වෙයි. තමන්ගේ…