ජනාධිපති තග දමයි ; ඇමතිවරු 20න් කර අරිති !

තමන්ට ජනවරම ලැබී ඇත්තේ බාධාවකින් තොරව කටයුතු කිරීමට බවත් , 20 වන සංශෝධනය ගැන සම්පුර්ණ වගකීම තමන් භාරගනනා බවත් , ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ කිසිදු සංශෝධනයක් කළ නොහැකි බව කියමින් ලබන සතියේ ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ඇමති මණ්ඩලයට තර්ජනාත්මක ලෙස පැවසු බව වාර්තා වෙයි.
තමන්ගේ වැඩට බාදාවක් වී ඇති 19 සංශෝධනය කෙසේ හෝ ඉවත්කරන බව ජනාධිපතිවාරයා පවසා තිබේ .
20 ගැන අගමැති පත්කළ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට ඉඩ නොදුන් ජනාධිපතිවරයා අවශ්‍යනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබේ.
මේ තත්ත්වය තුළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වගකීම ජනාධිපතිවරයාට ම පවරා කර අරින තත්ත්වයට ඇමති මණ්ඩලය පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. කැබිනට් රැස්වීමෙන් පසු ව මාධ්‍යයට ප්‍රකාෂ ලබාදුන් මහින්ද අමරවීර , සී බී රත්නායක ඇමතිවරුන් දෙදෙනාම කීවේ 20 ගැන වගකීම ජනාධිපතිතුමා භාරගත් බව සහ එතුමා ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇති බව යි.
20 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා සඳහා විවිධ මාධ්‍ය ආයතනවලින් ලැබුණු ආරාධනා භාරගැනීමෙන් ඇමතිවරු ගණනාවක් පසුගිය කාලයේ වැළකී සිටියෝය. විමල් වීරවංශ , උදය ගම්මන්පිල දෙදෙනා ඒ අතරින් කැපී පෙනෙන තත්ත්වයට පත්ව සිටයහ. ඔවුහු කිසිදු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී නොවූ හ.
ඊයේ ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු ව තත්ත්වය තවත් දරුණු වී ඇති බව දැනගන්නට තිබේ.
එක් ඇමතිවරයෙක් පවසා ඇත්තේ 20 ට සහය දෙන්නේ නම් මෙම ව්‍යවස්ථාව ගැන 1978 සිට මේ දක්වා තමන් එජාපයට හා ජේ ආර් ජයවර්ධන මහතාට කළ විවේචන පිලිබන්දව ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිදුවනු ඇති බවයි.
