|

නව කැබිනට් ප්‍රකාශක බන්දුල නා ගෙන ම පටන්ගනී ; දේශපාලන ප්‍රකාශයට මාධ්‍යවේදී විරෝධය

  නව කැබිනට් ප්‍රකාශක ලෙස පත්වීම් ලද ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීම සහ ඒවා පළිබඳ ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට තිබෙන කාලය තම දේශපාලන ප්‍රකාශයක් සඳහා යොදා ගැනීම අද දින කැබිනට මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ය. සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන කැබිනට මාධ්‍ය සාකච්ඡාව විනාඩි 45 කට…

විනෝදයට පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා !!! – සීපෙට්කෝ

පෙට්‍රල් අත්‍යවශ්‍ය අය හැර අනෙක් අය අද දිනයේ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස සීපෙට්කෝ ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් ඉල්ලීමක් කොට තිබේ. ඒ අනුව විනෝදය සඳහා හෝ වෙනත් කාරණයක් සඳහා හෝ ජනතාව පැය හතර පහක් පෙට්‍රල් පෝලිම්වල සිටීමෙන් අද දිනය තුළ වැළකී සිටිය යුතු ය. එබඳු තැනැත්තන්ට හෙට දිනයේ සිට එම අවස්ථාව උදාවනු ඇත….

මහින්දගේ මව් , පියා දෙදෙනා ම බිම ; පළමුවත් බිම , දෙවනුවත් බිම, තෙවනුවත් බිම

මැදමුලන ඉදිකොට තිබු මහින්ද රාජපක්ෂගේ මවගේ සහ පියාගේ ස්මාරක බිම දමා විනාශ කොට එම ස්ථානයට ගිනි තබා ඇති බව වාර්තා වෙයි. රුපියල් මිලියන 33 ක් රජයේ මුදල් යොදා ඉදිකරන ලද මෙම ස්මාරක පිළිබඳව චෝදනා එල්ල වී තිබු අතර ගොටාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු එම නඩු ඉවත් කරගනු ලැබී ය. ගෝටාගොගමට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු…

ගෝටා ගෙදරින් යයි !

GOHOMEGOTA හෙවත් ගෝටා ගෙදර යනු නොනවතින උද්ඝෝෂණ ව්‍යාපාරය ගාලු මුවදොර ආරම්භ වෙද්දී , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි තම නිවසෙන් ඉවත්ව ගොස් ඇති බව ප්‍රදේශයේ තතුදත් ආරංචි මාර්ග කියයි. එමනිසා පසුගිය දිනවල ජුබිලි කනුව මංසන්ධියේ සිට ඇඹුල්දෙනිය දක්වා ප්‍රදේශයේ යොදා තිබු දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව ද අඩු කොට ඇති බව අපගේ ආරංචි මාර්ග…

|

“මම අවුරුදු ගණනක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා” ! – අගමැති මහින්ද රාජපක්ෂ

මම අවුරුදු ගානක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍ය වාර්තාවක් මගින් කියයි. එහි සඳහන් වන ආකාරයට අගමැතිතුමා මෙම ප්‍රකාශය සිදුකොට ඇත්තේ ඒ මහතා ජනාධිපති සමයේ ප්‍රබල චරිතයක්ව සිටි ආයතන සභාපතිවරයකු වන ප්‍රියත් බන්ඳු වික්‍රම මහතා සමග ය.  වත්මන් අර්බුදය විසඳීමට මැදිහත්වන්නැයි ඉල්ලීමට තමා…

|

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරයි !

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරමින් රුසියාව සම්බාධක පනවා ඇති බව වාර්තා වෙයි. ඒ සමගම රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන දෙදෙනාට ද එම තහනම පනවා ඇත. මේ තිදෙනාගේ රුසියාව තුළ ඇති යාම වත්කමක් වේ නම් ඒ සියල්ල ද තහනම් කොට තිබේ.

ජනතාවට නොකඩවා මත්පැන් ලබාදීම සහතිකයි – සුරා බදු දෙපාර්තමේන්තුව

ඉන්ධන හිගය සහ විදුලිය කැපීම නිසා 22 දා සිට මත්පැන් නිෂ්පාදනය නවතින බවට සමාජ මධ්‍යයේ පළ වූ වාර්තා අසත්‍ය බවත්, දේශීය වශයේ මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. දේශීය වශයෙන් බලපත්‍ර හිමි මත්පැන් නිෂ්පාදන 23 දෙනෙකු සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය එතනෝල් සහ අමුද්‍රව්‍ය…

ඉන්දන ප්‍රශ්නයක් නිසා විමල් , උදය පාර්ලිමේන්තු නොඑයි !

කැබිනට ඇමති ධුර වලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ , උදය ගම්මන්පිල මහත්වරුන්ට මතු වූ ඉන්දන ප්‍රශ්නයක් නිසා ඔවුන් දෙදෙනා අද පාර්ලිමේන්තු සභා රැස්වීමට සහභාගී වී නොසිටි බව වාර්තා වෙයි. ඇමති ධුර අනුව පාර්ලිමේන්තුවේ මුල් පෙලේ ආසනවල ඉඳ සිටි මෙම දෙදෙනා පසුපෙළ ආසනවල ඉන්දන්නට සැලසුම් කොට තිබීම මෙයට හේතු වූ බව කියති. විමල් වීරවංශ මහතා…

|

රෝහිත මහින්දට ‘ජැක්’ ගහන්න ගියේ සැලසුමක් ඇතිව දැයි සැකයක්

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේ වේදිකාවට ගොඩ වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන්නට මෙන් උත්සාහයක් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා දරන්නේ කිසියම් සැලසුමකට අනුව දැයි සැකයක් අගමැතිතුමාගේ සමීපතමයන් අතරේ පැතිර ඇති බව වාර්තා වෙයි. රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අගමැතිතුමාට උදව් කරන්නට මෙන් අතින් අල්ලනු සහ අගමැතිතුමා එම අත ගසා දමනු දැක්වෙන වීඩියෝවක් සමාජ…

|

අරුන්දික ප්‍රනාන්දු ඉවත්වීමේ පුරප්පාඩුවට අරුන්දික ප්‍රනාන්දු පත්වෙයි ?

  පොල්, තල්, කිතුල්, රබර් වගා සහ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයෙන් තම ඉවත් වන බව ප්‍රකාශ කළ අරුන්දික ප්‍රනාන්දු මහතා ම යළි එම ඇමති තනතුරට පත් කිරීමට එකඟත්වයක් ඇති බව අපගේ ආරංචිමාර්ග කියයි. ඇමතිවරයාගේ පුත්‍රයා පොලිසියට භාරවීම, පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනය රැගෙන ගිය රියදුරුගේ වැඩ තහනම් කිරීම සහ වෙනත් පියවර ගැනීම සිදුවන්නේ එම එකඟතාව…

අස්වනු හානි ගැන කියන්න ගොවියන් විශේෂඥයින් නොවේ ; විශේෂඥ තිස්සකුට්ටි කියයි

තවමත් අස්වැන්නෙන් අඩක් වත් ලැබී නැති බවත්, අස්වනු හානි ගැන කීමට ගොවියන් විශේෂඥයන් නොවන බවත්, පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත. එම ප්‍රකාශය අනුව ගොවියන් තම අස්වනු අඩු වී ඇත්දැයි දැන ගැනීමට විශේෂඥ තිස්ස…

ඔන්න අපි ගමට ආවා ; කවුරුත් හූ කියන්නේ නැහැ – ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

‘සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට . අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙන කොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා . ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊලග අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්…