බටලන්ද වාර්තාව කිසිවකු පිළිගත්තේ නැහැ ; කවුරුවත් විවාද නොකළේ ඒ නිසයි – හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
| |

බටලන්ද වාර්තාව කිසිවකු පිළිගත්තේ නැහැ ; කවුරුවත් විවාද නොකළේ ඒ නිසයි – හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

බටලන්ද කොමිසන් සභා වාර්තාව කිසිවකු පිළිගත්තේ නැති බවත්, කවුරුවත් විවාද නොඉල්ලුවේ ඒ නිසා වියහැකි බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. කිසිවකු එය සඟවාගෙන නොසිටි බව ද ඒ මහතා පැවසීය. එම කොමිසම පත්කළේ දේශපාලන මඩ ගැසීමකට බවත්, එම අරමුණ ඉටු නොවුණ බවත්, එයින් තමාට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නැති බවත්…

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් බටලන්ද කොමිසන් වාර්තාවේ නැහැ ; නිර්දේශ මෙන්න …..
| |

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් බටලන්ද කොමිසන් වාර්තාවේ නැහැ ; නිර්දේශ මෙන්න …..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බටලන්ද පරීක්ෂණ කොමිසම නිර්දේශ කොට ඇතැයි ඇතැම් ජනමාධ්‍ය සහ දේශපාලඥයින් ප්‍රකාශ කළ ද එබඳු නිර්දේශයක් එම කොමිසන් වාර්තාවේ නැත. එහි ඇත්තේ මෙබඳු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ටධිකරණයට ඇති බලය ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බලය ලැබෙන ලෙස පුළුල් කරන ලෙසයි. එය නීති ප්‍රතිසංස්කරණ සඳහා…

සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක
|

සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක

අනුරාධපුර ශික්ෂණ රොහලේ සේවයේ නිරතව සිට පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද බරපතල ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය. මේ සම්බන්ධව මුළු රටේම අවධානය යොමුව ඇති අතර, මේ වන විට මෙම සිද්ධියට විරෝධය පාමින් වෛද්‍යවරු…

මාලිමා ආණ්ඩුව පෙරළා ගන්නේ කවුද ? – සී ජේ අමරතුංග 
| |

මාලිමා ආණ්ඩුව පෙරළා ගන්නේ කවුද ? – සී ජේ අමරතුංග 

  අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ  ප්‍රකාශයක් කරමින් කීවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරිකය අනුමත වනු ඇති බව සහ රටේ ආර්ථික අර්බුදයක් දැන් ඇති නොවනු ඇති බව යි. ආර්ථික අර්බුදයකින් ආණ්ඩුව වැටෙන තෙක් වූ විපක්ෂයේ සිහිනය අවසන් බව ඔහු කී ය. කුමන්ත්‍රණ මගින් හෝ ජනතා නැගිටීමකින් හෝ ආණ්ඩුව පෙරළීමට ද…

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු! – අජිත් පැරකුම් ජයසිංහ
|

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු! – අජිත් පැරකුම් ජයසිංහ

බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී…

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ? – ඉකොනොමැට්ටා
| |

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ? – ඉකොනොමැට්ටා

ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත් නිර්ණායකයක් වන්නේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය. ඔය දෙවනුව සඳහන් කළ නිර්ණායකය මම තේරුම් ගෙන තිබුණේ 2024 සිට…

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද? – නිරංජන් චාමින්ද කරුණාතිලක
|

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද? – නිරංජන් චාමින්ද කරුණාතිලක

ශ්‍රී ලංකාවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ මෙහ්දි හසන් සමග මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවමේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ කතාබහට, විවේචනයන්ට සහ විශ්ලේෂණයන්ට බඳුන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්මානනීය මාධ්‍යවේදියෙක්, විකාශකයෙක් සහ කතුවරයෙක් වන මෙහ්දි හසන් ඔහුගේ තියුණු සම්මුඛ සාකච්ඡා විලාසය සහ දේශපාලන විවරණ සඳහා ඉතා ප්‍රකට පුද්ගලයෙකි. ඔහු අල්…

තවමත් රනිල්…, – මහේෂ් හපුගොඩ
|

තවමත් රනිල්…, – මහේෂ් හපුගොඩ

අල්ජසීරා එකේ මෙහ්දි හසන් එක්ක රනිල් කරපු සම්මුඛ් සාකච්චාවෙන් රනිල් දිනුම්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මම කියන්නේ නැහැ රනිල් දිනුම් කියල. ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි. ඒ වගේම එහෙම දිනන්න හිතාන රනිල් වාඩිවුනා කියල මම හිතන්නෙත් නැහැ. රනිල් නියෝජනය කළේ ලිබරල් අදහස් දරන, විකල්ප, ගෝලීය, මානුෂික, රැඩිකල් පාර්ශවය නෙවෙයි. ලංකා රාජ්‍යයේ පාර්ශවය. මේ…

අනුර – රනිල් එකතුවක් සිදුවිය හැකිද? – රටේ රාළ
|

අනුර – රනිල් එකතුවක් සිදුවිය හැකිද? – රටේ රාළ

සමාජවාදී සමාජ විප්ලවය සම්බන්ධ සාකච්චාව අද ඊයේ ඇතිවෙච්චි එකක් නෙවෙයි.ධනපති සමාජ ක්‍රමයට ඉස්සෙල්ලා තිබුණ වැඩවසම් සමාජයේ අවසාන කාලයේ සමාජවාදය සම්බන්ධ සාකච්ඡාව තිබුණා.ලෙනින් රාජ්‍ය බලය ගන්නකොටත් සාර්ගේ රුසියාව කියන්නේ බහුතර වැඩවසම් රාජ්‍යයක්. අපේ රටේ සමාජවාදය සම්බන්ධ සාකච්ජාව අඩුම ගානේ 1930 තරම් ඈතට දිව යනවා. අපේ රටේ සමසමාජ පක්ෂය බිහිවෙන්නේ 1935 දී. එදා පටන් මෑතක් වනතුරුම සමාජවාදය…

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා

සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. සමස්ත…

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  
|

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

අල් ජසීරා එකේ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ඔළුව ඉදිමුණු හසන් සමග රනිල් කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම නැරඹුවෙමි. සමස්තයක් හැටියට ඔහුට එල්ල කළ ප්‍රහාරයට දෙන්න ඕනා style එකේ ප්‍රතිප්‍රහාරයක් රනිල් දුන්නා. එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට අපට ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. සමහර විට නාමල් රාජපක්ෂ අනාගතයේ ඒ තැනට එයි. ඒත් රනිල්-මහින්ද පරම්පරාවේ කශේරුකා අද ඉන්න…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ
|

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ

අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම. එහිදී රනිල් වික්‍රමසිංහ ඉතා රාජ්‍ය තාන්ත්‍රික විදියට ශ්‍රී ලාංකික ජාතිකවාදී පදනමකින් එයට මුහුණ දුන්නා. රාජ්‍යයේ අඛණ්ඩතාව වෙනුවෙන් වගකීමෙන්…