කබර ලන්තය

අතර මගදී මිනිසුන්ගේ ලග්න මාරු වෙනවාදැයි බිසව කේන්දර සුමනේගෙන් ඇසුවේ හරියටම කියන්නේ නම් පසුගිය ඉරිදා රාත්‍රි දහයට සිරස සේවයේ නිවුස් පෙන්නමින් සිටියදීය.

බිසව අහන්නෙත් සද්දන්ත ප්‍රශ්න. මාරු වෙන්නෙ නෑ. ඒත් ඕනම නම් මාරු කරල දෙන්න පුළුවනි. කේන්දර සුමනේ කීවේ, ලොක්කාගේ ලග්නය මාරුකරගෙන ඊළඟ ඡන්දයට ගේමක් දෙන්නට ලොක්කි සැරසෙනවා යැයි සැක කළ නිසාය.

“උඹ නම් ඉතින් නැකත් මාරුකරල මහරජත් ගෙදර යවපු මිනිහනේ, බිසව කීවාය. ‘‘අත්තටම සුමනේ දිව දෙකේ සතා තලතගොයාද නැත්නම් කබරයාද කියා බිසව ඊළඟට ඇසුවාය.

දිව දෙකේ සතා නම් කබරගොයා. හැබැයි, අපේ රජතුමා නම් කබරගොයාත් තලගොයා කරන්න දක්සයා කියා, එවිට සුමනේ කීවේය.

බිසව ඊළඟට ඇසුවේ මකර ලග්නය වගේ කබර ලග්නයකුත් තියෙනව කියාය.

එවිට සුමනෙ ඇසුවේ බිසවට හදිසියේ කබර ලග්නයක් ගැන අහන්න සිතුණේ කුමක් නිසාද කියාය.

අර බලන්නකො අපේ මනුස්සයා උදේට එකකුයි රෑට තවත් එකකුයි කියන ලස්සන. හොඳට බලපන් මිනිහගෙ දිව දෙකක් ද කියල? සුමනේ රූපවාහිනිය බැලූ විට දුටුවේ විශ්වාසභංග ඡන්දයට යානවාය කියා උදේ කියූ කටින්ම මහරජා ඊට යන්නෙ නැතැයි සවස කියමින් සිටින ආකාරය සිරස කාරයාද අලුගුත්තෙරු කමට දෙකම එකවර පෙන්නමින් සිටියේය.

ඕවා ගණන් ගන්න එපා ලොක්කා ඒ කාලෙත් රෑට යන ගමන් ප්‍රසිද්ධියේ කීවේ නැහැයි කියූ සුමනේ ඊළඟට කීවේ අලුත්ගමගේ ගේ විශ්වාසභංගයට ලොක්කා නොයනවා නම් තමාත් කැමතියි කියාය.

ඒ මොකද සුමනේ? කියා ශිරන්ති ඇසූ විට සුමනේ කීවේ, ඕකා විශ්වාස භංග කරගත්තෙ ගෑනි උට විරුද්ධව කළු සල්ලි චෝදනාව කළ දවසේ කියාය.

ගම්මන්පිලත් ඔතන ඉන්නවා නේදැයි එවිට බිසව ඇසුවාය. සුමනේ පිළිතුරු දුන්නේ උගේ කිසිම පිවිතුරු කමක් නැහැ කියමිනි. හාමුදුරුවොත් එක්ක ගිහින් වේදිකාවටත් ආපහු ආව එකාගේ මොන විශ්වාසයක්දැයි කී සුමනේ, තවදුරටත් කීවේ, ඕකා ඇටොනි බලපත්‍රයකිනුත් විශ්වාස භංග කරගත්තු එකෙක් කියාල දන්නවානේද කියාය.

උඹේ ශාස්තරේ හැටියට විශ්වාසභංගය දිනන්න අපේ ලොක්කාට පුළුවන් වෙයිද කියා ඇසු විට සුමනේ කීවේ, මගේ ශාස්තරේ හැටියට නම් ජනාධිපතිවරණයෙන් ලොක්කට දිනන්න තිබුණ, ඒත් රටේ මිනිස්සු ලොක්කට ඡන්දෙ දුන්නෙ නැහැනෙ, කියාය.

බැඳුම්කරය ගැන උඹට හිතෙන්නේ මොකක්ද කියා බිසව ඇසුවාය. එවිට සුමනේ කීවේ, බැඳුම්කරය කෙසේ වෙතත් රවී ගැනනම් හිතෙන්නෙ පවු කියාය.

රවීට පවු කියන්න හේතුව කුමක්දැයි බිසව ඇසූ විට සුමනේ කීවේ, ඉලව් යහපාලනයක් හදන්න නොගිහිං ලොක්කාගේ දෑත් ශක්තිමත් කළා නම් කිසිම තොප්පියක් රවීට වැටෙන්නෙ නැතැයි කියාය.

උඹ එහෙම කියන්නෙ ඇයි? කියා බිසව ඇසූ විට සුමනේ කීවේ අපේ ලොක්කාගේ කාලේ කේස් තිබුණු තරමට දේශාභියෝග ගෙනාව නම් පාරලිමේන්තුවේ වෙන කිසිම යෝජනාවක් විවාධ කරන්නෙ නැතුව දිනපතාම දෝශාභියෝග විවාද විතරක් කරන්නට සිදුවෙනවාය කියාය.

අයිතිකාරයෙක් නැති මල්වානේ ඉඩම, ඩේසි ආච්චිගේ මැනික් මල්ල, සුනාමි නිවාස සල්ලි පිල්ලි ඇරීම ඔය හැම ෆයිල් එකක්ම සේප්පුවේ දමා රැකබල ගත්තා මිස යහපාලනකාරයන් මෙන් ගෙදර කුණු ප්‍රසිද්ධියේ හොදන්නට නොයාම ලොක්කාගේ යහපත් නායකත්වයේ ලක්ෂණයක් බව සුමනේ පැහැදිලි කළේය. කොටින්ම කියනවා නම් ඔය කියන පර්පචුවෙල්කාරයා ළඟ අපේ හිටපු කබ්රාල්ගේ පවුලේ අය වැඩ කළ බවවත් රවීගේ කේස් එක එළියට එනතුරු එළියට ආවාදැයි සුමනේ බිසවගෙන් ඇසුවේය.

යහපාලනයට නොයා රවී ලොක්කාගේ දෑත් ශක්තිමත් කළේ නම් තාජුදීන්ගේ මිනියත් ඒ වළේම දිරාපත්වන අතර සිරිලිය සවිය ආදී කතන්දරත් ගඟේ මූදේ දැමුවා සේ යටයනවා නේදැයි සිතුණු බැවින් බිසව කියාගත්තේ හොඳ වැඩේ රවියට තව වුණා මදි කියාය.

නරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *