ව්‍යවස්ථා ක්‍රියාවලිය තවත් කල් දාන්න බෑ.- ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.
දැනට තියන ව්‍යවස්ථාව අවුරුදු 39ක් පරණයි. ගෙවීගිය අවුරුදු 39 තුළ අපේ රට හුඟක් වෙනස් වෙලා තියෙනව. ලෝකය ගොඩක් අලුත්වෙලා තියෙනව. මේ අලුත් වෙච්ච ලෝකයට මේ අලුත්වෙච්ච සමාජයට වෙනස් වෙච්ච ලෝකයට ගැලපෙන ආකාරයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි දේශපාලන පක්ෂයක් විදියට ඉන්නවා. එතනදි ප්‍රධාන කරුණු කීපයක් තියෙනව. මේක සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ඒ වගේම පවතින මැතිවරණ ක්‍රමය වෙනුවට ජනතාවගේ ඉල්ලීමත් සලකා බලමින් නව මැතිවරණ ක්‍රමයකට යාම ඒ වගේම දැනට තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන අඩුපාඩුකම් වෙනස්කර මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති කීපයක් ඇතුළත් කරමින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම වගේ කරුණු ඊට අයත් වෙනව.
මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවේදි සමාජ සාධාරණත්වය පිළිබඳ මාතෘකාව ඉතාම වැදගත්. ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය, සෞඛ්‍ය ලබා ගැනීමේ අයිතිය, නිවසක් ලබාගැනීමේ අයිතිය, රැකියාවක් ලබා ගැනීමේ අයිතිය කියන මේ මුලික අයිතිවාසිකම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නව. අද ලෝකයේ සමහර රටවල් අන්තර්ජාල පහසුකම පවා මූලික අයිතිවාසිකමක් විදිහට තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කර තියෙනව. එහෙම වෙනස් වෙච්ච ලෝකයක් තියෙන්නෙ. අපි තවම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අධ්‍යාපනයේ අයිතිය, සෞඛ්‍ය අයිතිය, ජීවත් වීමේ අයිතිය ඒ වගේම නිවසක් ලබාගැනීමේ අයිතිය, රැකියවක් ලබා ගැනීමේ අයිතිය එවැනි දේවල්, මූලික සමාජ සාධාරණත්වය සාක්ෂාත් කරන දේවල් ව්‍යවස්ථාවට ඇතුළත් කරල නැහැ මූලික අයිතිවාකම් විදිහට. ඒ නිසා අපි හිතනව ඒවා ඇතුළත් විය යුතුයි. ඒ සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙන්න ඕනෙ.
ඒ වගේම ජාතික ප්රශ්නය පිලිබඳව ඉතා පැහැදිලි ස්ථාවරයක අපි ඉන්නවා. යුද්ධය පැවති කාලයේ ත්‍රස්තවාදි ව්‍යාපාරයක් පැවතුනා. සන්නද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුනා. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. අපි කවුරුවත් පරණ අදහස් වලම පරණ තත්ත්වයේම සිටිය යුතු නැහැ. ඒ අලුත් තත්ත්වයට ගැලපෙන ආකාරයට විසඳුම් ලබාදීමේ දි අලුත් ප්‍රවේශයක් ලබාගත යුතුයි. ඒ ස්ථාවරයේ, ඒ අලුත් වීමේ ජනතා වික්ති පෙරමුණ පැහැදිලි ලෙසම ඉන්නවා.
ඒ නිසා අපි කියන්නේ අද සමාජයේ තියන තත්ත්වය සැලකිල්ලට අරගෙන, අපේ රටේ භූගොලීය ස්වභාවය, ජන සංයුතියේ ව්‍යප්තියේ ස්වභාවය ඒ සියල්ල සැලකිල්ලට ගෙන සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවෙන දේශපාලන ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් අලුත් ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. ඒ වගේම මැතිවරණ ක්‍රමය පිළිබඳව සියලුම පක්ෂ අතර සියයට අසූවක පමණ එකඟතාවයක් තියනව. තව පොඩි කරුණු ටිකක් තියෙනව. ඒ ටික බේරගත්තොත් මැතිවරණයකට යන්න පුළුවන්. මැතිවරණ ක්රමයේ ගැටළුවක් මතු වෙන්නෙ නැහැ. එකඟතාවයකට යන්න පුළුවන්. ඇත්තටම ප්‍රමාද වීමට හේතුව ගත්තොත් මූලික ප්රශ්නය විධායක ජනාධිපති ක්‍රමය. මෛත්‍රීපාල ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණයට එන්නෙම විධායක කමය අහෝසි කරන්න. ප්‍රධාන සටන් පාඨය විධායක ක්‍රමය අහොසි කිරීම. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කම අතහැරලා පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණයට ඉදිරිපත් වුණේම විධායක ක්‍රමය අහොසි කරන්න. ඒක කාටවත් අමතක කරන්න බැහැ. ඒක තමයි ජනවරම. ජනවරමට ගරු කරමු කියලා අපි අද කියනව නම්, රටේ ජනතාවගෙ පැත්තෙන් අපි ඒ බලපෑමකරන අතරම ජනාධිපතිවරයට වගකීමක් තියනව ඒ ජනවරමට අනුව කටයුතු කරන්න. ඒ නිසා එතුමට ඒ පොරොන්දුව කඩ කරන්න කිසිදු අයිතියක් කිසිදු ආකාරයකින් නෑ. කණගාටුවට කරුණ බලයට පත් වෙච්ච අලුත එතුමා ඒ ගැන සමහර තැන් වල කතා කළා. නමුත් අද නම් වචනයක්වත් ඒ ගැන කතා කරන්නෙ නැ. එක බරපතල කාරණයක්. එතුමාටත් ජනවරම අමතක වුනාද කියන ප්රශ්නය තියෙනව.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙක් එක මොහොතකදි කියනව, ජනාධිපතිතුමාගෙ ස්ථාවරය තමයි අපේ ස්ථාවරය කියල. මට දැනගන්න ලැබුණ ආරංචිවල විදිහට අන්තිමට තිබුණු මෙහෙයුම් කමිටුවෙදි නිමල් සිරිපාල ඇමතිතුමා පක්ෂයේ මතය විදිහට කිව්වේ ජනමත විචාරණයකට යන්න බෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ. ඒක අපේ පක්ෂයේ ස්ථාවරය කියලා. එතකොට අනිත් මන්ත්‍රිවරු අහල තිබුණෙ ජනාධිපති මැතිවරණය වෙලාවේ එහෙම පොරොන්දු වුණා කියලයි. එදා එතුමා පොරොන්දු වුනේ පුද්ගලයෙක් විදිහට. එදා මෛත්‍රිපාල සිරිසේන. අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඒ නිසා අද වැඩකරන්න ඕනැ අපි කියන විදිහට. අපි බලන් ඉන්නේ ජනාධිපතිතුමා කවුරු කියන විදිහටද වැඩ කරන්නේ කියල. ජෝන් සෙනවිරත්න, එස්.බී. දිසානායකලා කියන විධිහටද වැඩ කරන්නේ ඒ ඔක්කොම එදා හිටියෙ එහා අනික් පැත්තේ. ජනාධිපතිතුමා ජනමතයට එරෙහි පැත්තෙ හිටපු අය කියන විදිහට ද වැඩ කරන්නෙ? එහෙම නැතනම් ජනමතය දීපු විදිහට ද වැඩ කරන්නෙ කියල මේ රටේ ජනතාව බලන් ඉන්නව. ඒක එහෙම බිඳින්න දෙන්න බෑ. ඒක වැරදියි. ඇත්ටම ගත්තොත් මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය තවත් කල් දාන්න බෑ. දැනටමත් ආණ්ඩුව අවුරුදු දෙක හමාරක් අරන් තියනව. මේක මුලින්ම කරන්න තිබුණු දෙයක්.
මනෝජ් රූපසිංහ
