පහුගිය කාලේ විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කියලා කියපු කතාව දැන් ඉවරයි.නලින්ද දැන් කියනවා මේ විපක්ෂයෙන් ආණ්ඩුවට කවුරුවත් ගන්නේ නෑ කියලා.ඒ විතරක් නෙවෙයි පක්ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනතත් හදිස්සියේම ගේනවා කියලත් නලින්ද කිව්වා.විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කිව්වෙත් ඒ ගොල්ලොම තමයි.විපක්ෂයේ ඔය කියන දක්ෂයොත් එක්ක සාකච්ජා කලෙත් එයාලම තමයි.දක්ෂයන් ගැනීමේ සංකේතයක් විදිහට එරාන් වික්‍රමරත්න ගත්තෙත් ඒ ගොල්ලොම තමයි.දැන් ගන්නේ නෑ කියන්නෙත් ඒ ගොල්ල තමයි.
ඇත්තටම විපක්ෂයේ දක්ෂයෝ ගන්න ගිය වැඩේට මොකද උනේ කියලා ඔයාලා දන්නවා.විපක්ෂයේ දක්ෂයෝ අරගෙන මාලිමාවේ අච්චුවට දාගෙන එයාගෙන් වැඩේ ගන්න තමයි හැදුවේ. කීපදෙනෙක් යන්න ලෑස්තිවෙලත් හිටියා.ඒ සාකච්ඡාවත් කළා. හැබැයි ඉතින් ජවිපෙ කියන විදිහට වැඩේ කරන්න එයාලා එකඟ උනේ නෑ.ජවිපෙ හැදුවේ වැඩවසම් සමාජයේ ඉඩමට ගැට ගහලා ප්රවේණි දාසයන්ගෙන් වැඩගත්තා වගේ රාජ්‍ය යාන්ත්රණයට ගැට ගහලා කට්ටියගෙන් වැඩේ ගන්න.හැබැයි ඉතින් වැඩේ ලත් තැනම ලොප්.දැන් ආණ්ඩුව හදන්නේ විපක්ෂයේ අය ගන්න නෙවෙයී.කිසිම කෙනෙකුට පක්ෂ මාරු කරන්න බැරි විදිහට පක්ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනත හදිස්සියේම ගේන්න.
ආණ්ඩුවට විපක්ෂයේ අය ගන්න ඕනි නං ඔය පනත කවදාවත් ගේන්නේ නෑ.එහෙනං කරන්නේ මහින්ද වගේ සැලුන් දොර ඇරලා තියන එක.මහින්ද සැලුන් දොර හයි කරලා කිව්වා ඕනි කෙනෙකුට එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කියලා.හැබැයි මහින්දගේ සැලුන් දොරෙන් කට්ටිය ආණ්ඩුව ඇතුලට රිංගුවා මිසක් එළියට ගියේ නෑ.බලය ගිලිහුනාට පහ්සේ ගොඩ දෙනෙක් රාජපක්ෂලා දාලා ගියා.ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.හැබැයි බලය තියෙද්දිම මේ ආණ්ඩුවට ඒ ප්‍රශ්නයම ඇවිල්ලා.ආණ්ඩුවට විපක්ෂයෙන් එනවා නං පක්ෂ මාරු කලහම මන්ත්‍රීධූරය අහෝසි විමේ පනත ගේන්නේ නෑ.දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා ආණ්ඩුව දාලා විපක්ෂයට යෑමේ අවධානමක් මතුවෙලා.
ඒකයි ආණ්ඩුව කඩිමුඩියේ ඒ වගේ පනතක් ගේන්න හදන්නේ. මාලිමාවේ 159 දෙනා අතරින් සෘජුවම 25 දෙනෙක්ම ඉන්නේ සම්පූර්ණයෙන්ම කලකිරිලා.ඒ අයගෙන් කීපදෙනෙක් රටේ රාළ එක්කත් කතා කරලා තියනවා.ඇත්තටම එයාලා හොඳ මිනිස්සු. මේ රටේ ජනතාව මාලිමාව රැවටුනා වගේ එයාලත් මාලිමාවට රැවටිලා.එයාලා හිතලා තියෙන්නෙත් මේ රට හදන්න පුළුවන් එකම නායකයා අනුර සහ එකම කණ්ඩායම ජවිපෙ සහ මාලිමාව කියලා.ඒක නිසා එයාලා රට වෙනුවෙන් තමන්ගේ කොටස කරන්න ඉදිරිපත් වෙලා.ගොඩක් අය තමන් කරපු රස්සාවල් දාලා ඇවිත්.දැන් එයාලගේ ආදායම් මාර්ග නැතිවෙලා.මේකට ආවා කියලා එයාලට හම්බවෙන්නෙ කලින් උපයපු මුදලට වඩා අඩු මුදලක්.
ඒත් රට වෙනුවෙන් යමක් කරයි කියන අදහසේ එයාලා හිටලා.හැබැයි දැන් ඒ බලාපොරොත්තුව 100%ක්ම එයාලාගෙන් ගිලිහිලා.ඒ විතරක් නෙවෙයි එයාලා ලොකු අපරාධයකට සම්බන්ධ උනා වගේ හැගීමකුත් ඇවිත්.විශේෂයෙන්ම රටේ ආර්ථිකයට කඩාගෙන වැටෙන එක එයාලට දැනෙනවා.මේ රට බෙදුම්වාදය පාවලා දීලා කියලා එයාලට හිතනවා ඇති. ඉන්දියාවත් එක්ක අත්සන් කරපු හොර ගිවිසුම් අඩුම ගානේ එයාලාවත් දැකලා නෑ.ඊළඟට මාලිමාව අතෑරලා ජනතාව ගිහින් බවත් එයාලට තේරිලා ඇති.දැන් ඉන්නේ 3%නේ ජෙප්පෝ ටිකයි ඕනිම ආණ්ඩුවක් බලයට ආවම ඒක වටේට එකතු වෙන මිනී කාක්කෝ ටිකයි විතරයි.ඊළඟට ආයෙත් අරගලයක් ආවොත් එයාලටත් ගුටිකන්න වෙයි,
ගෙවල් දොරවල් පවා නැතිවෙයි කියන බයත් එයාලට තියනවා. ඇත්තටම මේ අය දැන් සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් අකර්මණ්‍යයි.ජවිපෙට තියෙන බය හින්දා පාර්ලිමේන්තු ඇවිත් කියන කියන දේට අත උස්සන්න එක විතරයි මෙයාලා කරන්නේ. මේ ස්ථරය ආණ්ඩුව දුර්වල වෙන මොහොතේ ආණ්ඩුවට එරෙහි තීරණයකට යන්න හරි අක්රීයවෙලා නිෂ්ක්රීයවෙලා යන්න ඉඩ තියනවා.ඇත්තටම මේක එක්තරා විදිහේ කළකිරීමක්.මීට අමතරව තවත් මන්ත්රජවරු ප්‍රමාණයක් මීට වෙනස් විදිහේ කලකිරීමක ඉන්නවා.රටේ රාළගේ ගණනයට අනුව එතන 41 ක් ඉන්නවා.එයාලට තියෙන කලකිරීම වෙනස්ම පන්නයේ එකක්. එයාලා මාලිමාවට ආවේ රට හදන්න නෙවෙයි.
රටත් හැදෙනවා නං ඔහේ හැදිචිච දෙන් ඒ අතර අපි කොහොම හරි හැදෙනවා කියන අදහසෙන්.හැබැයි තවම එයාලට වැඩේ සාර්ථක කරගන්න බැරිවෙලා.ඒ මේ ආණ්ඩුවේ හොරකම් ඉඩ නැති හින්දා නෙවෙයි.ඒකට මෙයාලට අවස්ථාවක් නැති හින්දා. ආණ්ඩුවේ ඉන්න ජවිපෙ මන්ත්‍රීවරු පැලවත්ත එක්ක සෙට්වෙලා වැඩේ ගොඩදාගන්නවා.තවත් පිරිසක් අනුරට සෙට්වෙලා වැඩේ බේරගන්නවා.ඒ වගේම මාලිමාවේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් තව කොටසක් අනුරටත්,හරිනිටත් කිට්ටුවෙලා වැඩේ ගොඩ දාගන්නවා.මේ එක පැත්තකටවත් සම්බන්ධ නොවී වැඩේ ගොඩගත්ත අයත් කීපදෙනෙකුත් ඉන්නවා.ඒකටත් ඉතින් ලාල්ට වගේ දැවැන්ත බලයක් තියෙන්න ඕනි.
ඒ වැඩේට අවස්ථාව හිමි නොවීම,හින්දා උන්ට හොඳයි අපිට තමයි හොඳ නැත්තේ කියකියා ගොඩගිය අයට බැන බැන ඉන්න කට්ටියකුත් ඉන්නවා.මෙයාලා විපක්ෂයේ කණ්ඩායම් එක ගනුදෙනු කරනවාද කරන සැකය දැන් ජවිපෙට ඇවිත්. පාර්ලිමේන්තුවේ මේ දක්වා මහ උද්දච්චකමකින් හැසිරුණ අය දැන් ෂොෆ්ට් වෙලා.විපක්ෂ මන්ත්‍රීලා එක්ක ඇයි හොදයි පවත්වන්න පටන් අරන් බව විපක්ෂ මන්ත්‍රීලටත් දැනිලා ඇති. හැබැයි විපක්ෂය හිතනවා ඇති ආණ්ඩුව දුර්වල වෙන හින්දා එහෙම තත්වයකට කට්ටිය පත්වෙලා කියලා.නෑ එයාගෙන් සමහරෙක් විපක්ෂයට සමීපවෙලා හදන්නේ විපක්ෂයත් එක්ක සමීප මාලිමාවේ මන්ත්‍රීවරු කවුද කියලා හොයාගන්න.
ඒක නිසා විපක්ෂයේ අය ජවිපෙ අය ආශ්‍රය කරද්දී මාලිමාවේ අය පාවා නොදී ආශ්‍රය කරන්න දැනගන්න ඕනි.ජවිපෙ දැන් දන්නවා මේ 41කේ කණ්ඩායමට අයට ලොකු දේශපාලන තල්ලුවක් ආවොත් එයාලා ආණ්ඩුවට හතුරුවීමේ ඉඩක් තියන බව.ඒක වලක්වන්න අභයන්තර මෙහෙයූමක් දියත් වෙලා තියනවා වගේම අණ පනත් ගෙනැල්ලා නවත්ත ගන්න හදනවා.මෙතනදී මේ කලකිරුණු මන්ත්‍රී කණ්ඩායම මුහුණ දෙන තවත් අවධානමක් තියනවා.ඒ තමයි අනිත් මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ශව තුනකට බෙදිලා ඉන්න එක.පැලවත්ත පාර්ශවය,අනුර පාර්ශවය සහ හරිනි පාර්ශවය විදිහට එයාලා බෙදිලා.
ඒක නිසා මෙයාලා මේ පාර්ශව තුනේම ඉලක්ක බවට පත්වෙනවා.මොකද එක පාර්ශවයක් හැම වෙලේම හිතන්නේ මෙයාලා අනිත් පාර්ශව දෙකේ අය විදිහටයි.දැනටමත් සමහර මන්ත්‍රීවරුන්ට මාධ්‍ය සාකච්ජා පවා තහනම් කරලා.ඇත්තටම මේ අර්බුදය තීව්ර වෙන්න වෙන්න ඉස්සෙල්ලාම අර්බුදයට යන්නේ මෙයාලා.මෙයාලා ඉන්නේ ජවිපෙ අවසාන ශක්ති මට්ටමේ.එයාලා ජවිපෙ න්‍යෂ්ටියත් එක්ක බැදිලා ඉන්නේ බොහොම දුර්වල සම්බන්ධයකින්.ඒක නිසා තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මාලිමාවේ ඔය කියන කණ්ඩායමට ජවිපෙ සලකන්නේ ජවිපෙ ද්‍රෝහීන් විදිහට.ජවිපෙ ද්‍රෝහීන් කවදාවත් සමාවක් නෑ කියලා ටිල්වින් කරපු ප්‍රකාශය එයාලටත් වලංගු වෙනවා.
රංගගේ බල නහර කැපීමේ සිට වකුගඩු සහ අක්මාව අක්රීයවෙලා මියගිය නන්දන දක්වා ජවිපෙ ප්‍රහාරක සීමාව ඇතුලට එයාලත් එනවා.ඒකේ ඒක පියවරක් තමයි පක්ෂ මාරු කලොත් මන්ත්‍රීකම අහෝසි කිරීමේ පනත.කොහොම හරි එයාලා ද්‍රෝහීන් කිරීම සඳහා දැන් පැලවත්තේ පිඹුරුපත් සකස්වෙන බව පැලවත්ත ආරංචි මාර්ග පවසනවා.ඊළඟට බැරිවෙලා හරි රනිල් පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂයේ අය භාගන්න හැදුවොත් ඒකටත් බැරියර් එකක් දැමීමේ අදහසක් මෙතන නැති වෙන්න බෑ.මේ ඉඟිබිඟි ඇතුලේ රනිල් එයි කියන එකට ආණ්ඩුව කලින්ම බයවෙලාද කියලත් හිතෙනවා.

